Thursday, December 25, 2014

රංදෙනිගල රංටැඹේ ජලාශ වාන්දොරටු විවෘත කරයි

2014-12-19 ප.ව. 3:36
මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිමට සිදු වි ඇත. රංදෙනිගල ජලාශයේ මිටර් 06 බැගින් වාන් දොරටු දෙකක් අද දවසේ විවිධ අවස්ථාවන් හිදි ජලාශයේ ජල මට්ටම සැලකිල්ලට ගනිමින් විවෘත කිරිමට සිදු වි ඇත. රංදෙනිගල ජලාශයේ මේ වන විට උපරිම ජලධාරිතාවයට ආසන්න මට්ටම දක්වා ලගා වි ඇති අතර අද දහවල් වන විට එහි ජල මට්ටම මිටර් 230.99 දක්වා පැමිණ තිබුනි.
රංටැඹේ ජලාශයේද අද දිනයේ වරින් වර අවස්ථාන් ගනනකදි ජලාශයේ වාන් දොරටු හා මඩසොරොව් විවෘත කිරිම සිදු කල අතර එය සිදු කර ඇත් තේ ජලාශවල ජල මට්ටම සැල කිල්ලට ගනිමිනි. රංටැඹේ ජලාශයේද අද(25) දහවල් වාන් දොරටු 02ක් හා මඩසොරොව් 02 ක් විවෘත කර තිබුනි. අද දහවල් වන විට එහි ජල මට්ටම මිටර් 151.31 දක්වා පැමිණ තිබුනි.







No comments:

Post a Comment