Saturday, December 27, 2014

රංදෙනිගල වාන් දොරටු විවෘත කිරිමෙන් පසු පහළ පාලම හෝදාගෙන යයි - ගමනාගමනය අනහිටි

 රංදෙනිගල වාන් දොරටු විවෘත කිරිමෙන් පසු පහළ පාලම හෝදාගෙන යයි - ගමනාගමනය අනහිටි
2014-12-27 ප.ව. 4:24

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් ඊයේ උදැසන  (26) රංදෙනිගල ජලාශයේ සිග්‍රෙයන් ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් ජලාශයේ ජල මට්ටම  පාලනය කිරිම සදහා වාන් දොරටු දෙකක් මිටර් 12ක උසට විවෘත කිරිම හේතුවෙන් ජලාශයට පහලින් වු මාර්ගයේ වු පාලම ඊයේ උදැසන (26) හෝදාගෙන ගොස් ඇත.
වාන් දොරටු දෙකක් මිටර් 12ක (අඩි 40) උසට විවෘත කිරිම හේතුවෙන් තප්පරයට ඝණ මිටර් 3000ක ජල කදක් පිටකිරිමෙන් ඇතිවු පිඩනය  හා ජල කද හේතුවෙන් මෙම පාලම හෝදාගෙන ගොස් ඇත.
රංදෙනිගල හා රංටැඹේ කාර්යභාර ඉන්ජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා ප්‍රකාශ කර සිටියේ මිනිපේ රංදෙනිගල මාර්ගය භාවිතා කරමින් ගමන් ගත් හගුරන්කෙත, අධිකාරගම, පදියපැලැල්ල, වලපනේ, කලුකැලේ යන ගම්මාන සදහා ගමන් ගත් බස් හා වාහන සදහා වෙනත් විකල්ප මාර්ගයක් බාවිතා කරන ලෙස දන්වා සිටි අතර දැඩි අධික්ෂණයක් යටතේ විධිමත් ජල කළමණාකරණයක් සිදු කරිම හේතුවෙන් ජලාශ ආරක්ෂා කර ගැනිමට හැකි වු බවයි.

2014-12-25 වන දින පාලම තිබු මොහොතේ ලබාගත් ඡායාරූප මේ සමග ඇත





No comments:

Post a Comment