Friday, December 19, 2014

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිගේ නිවසට රෑ වෙඩි ප්‍රහාරයක් - පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයාට මැර ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිගේ නිවසට රෑ වෙඩි ප්‍රහාරයක් - පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයාට මැර ප්‍රහාරයක්

 2014-12-19 ප.ව. 5:49

රිදිමාලියද්දා ප්‍රා දේශිය සභාවේ හිටපු මන්ත්‍රි ඩබ්ලිව් එම් රත්නායක මහතාගේ නිවසට ඊයේ (18) රාත්‍රියේදි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර සිද්දිය සම්බන්දයෙන් මන්‍ත්‍රිවරයා විසින් මහියංගන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපති වරණයට සමගාමිව 19 (අද) දින පැවැත් විමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ බළමණ්ඩලය වෙනුවෙන් පක්ෂ කාර්යාලයක් මහියංගන නගරයට ආසන්න රිදිකොටලිය පාලම ආසන්නයේ විවෘත කිරිම සදහා සුදානමින් එම කාර්යාලයේ වැඩකටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු හට මහියංගන ප්‍ර දේශයේ දේශපාලන නායකයෙකුට අදාල පරිසක් විසින් පහර දි ඇති අතර එම පුද්ගගයා මේ වන විය ප්‍රතිකාර ලබාගැනිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
ප්‍රදේශයේ ක්‍රියාකාරි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස වැඩ කටයුතු සිදු කරන  ඩබ්ලිව් එම් රත්නායක මහතාගේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල වුයේ ඉහත සිද්දියට සමගාමිව විය හැකි බව මහියංගන  පොලිසිය විස්වාසය ඵල කර සිටින අතර ඒ සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂයේ වර්ධනය වන ජන රැල්ල දෙස බලාසිටිමට නොහැකි මෙවැනි පිරිස මේ ආකාරයෙන් දේශපාලන නායකයන් හා ගම්වාසි එක්සත් ජාතික පාක්ෂිකයන් බිය ගැනිවිම  සදහා වෙඩි තැබිම් සිදු කරන බවත් එවැනි බියගුලු ප්‍රහාර හෙලා දකිබ බවත් හිටපු රිදිමාලියද්ද ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රි ඩබ්ලිව් එම් රත්නායක මහතා ප්‍රකාශ කර සිටි.

සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂන ක්‍රියාත්මකයි.



No comments:

Post a Comment