Saturday, January 25, 2014

කුප්පි ලාම්පුව පෙරලී අසරණ පවුලේ නිවස ගින්නෙන් අලු වෙයි - අඩු පාඩු රැසක් මැද ජිවිතය ගෙව් අසරණ පව්ල කබලෙන් ලිපට වැටෙයි. හැකිනම් ඔබත් ඔහුන්ට පිහිටක් වන්න.

 
කුප්පි ලාම්පුව පෙරලී අසරණ පවුලේ නිවස ගින්නෙන් අලු වෙයි - අඩු පාඩු රැසක් මැද ජිවිතය ගෙව්  අසරණ පව්ල කබලෙන්  ලිපට වැටෙයි. හැකිනම් ඔබත් ඔහුන්ට පිහිටක් වන්න.

2014-01-25 පෙ.ව. 8:59

හසලක කොටිකාපොලලන්ද අංක 189 නිවාසේ විසු යු කේ ජි චමින්ද කුමාර (34) මහතාගේ නිවස 23 දින රාත්‍රි 8ට පමණ සම්පුර්ණයෙන්ම ගින්නෙන් දැවි අලු වී සම්පුර්ණයෙන්ම විනශ වී ඇත. ගින්න හේතුවෙන් එම පව්ලේ ඇදි වත පමණක් ඉතිරිව ඇත.

පවුලේ දරිද්‍රතාවය හේතුවෙන් ඔහුගේ බිරිද වන සාර වරාගොල්ල(32) මීට වසර 1 1/2 කට පෙර විදේශගතවී සෞදිය අරාබියේ ගෘහ සේවයට ගොස් ඇති අතර දරුවන් දෙදෙනා වන දිල්මි මදුභාෂිනි(12) සහ දනිත නිම්සර(07)  පියා බාරයේ සිට ඇත.  23 දින සවස නිවසේ ලාම්පුවක් දල්වා  දරුවන් දෙදෙනා අසල වු දෙමාපියන්ගේ නිවසට බාරදී නිවසේ අඩුපාඩු රැගෙන ඒම සදහා කඩයට ගොස් ඇත. එසේ ගොස් සිටියදී නිවස ගිනිගන්නා බව ගම්මුන් දැක නිවසේ ගිනි නිවා ඇති අතර ඒ වන විට නිවසේ වු මුලු සේසතම ගින්නෙන් දැවි අලු වී ඇත. දරුවන්ගේ පාසැල් පොත් පත් හා ඇදුම් පැලදුම් ද සියල්ල ගින්නෙන් දැවි අළුු වී මුළු පව්ලම අද වන විට අන්ත අසරණ භාවයට පත්වී ඇත.

ගින්නට හේතුව කුමක්ද යන්න හසලක පොලිසියේ පොලිස් ස්ථානාධිපති කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතා ඇතුලු නිළධාරින් පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටි. නිවසේ විදුලිය නොමැති කමින් සවස දල්වන ලද කුප්පි ලාම්පුව බලලුන් හෝ මීයන් නිසා  පෙරලි මෙම ගින්න ඇති වන්නට ඇතැයි අනුමාන කෙරේ. 

පිං කැමති පිහිටක විය හැකි කෙනෙක් වේ නම් ඔහුනට පිහිටක් වන ලෙස එදිනෙදා කම්කරු රැකියාවකින් දිවි ගැටගසා ගන්නා චමින්ද කුමාර මහතා ඉල්ලා සිටි. තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පිහිටක් වන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටි.  දුරකථන අංකය 0723673849





No comments:

Post a Comment