Friday, January 24, 2014

Video පින්නවල ඇත් ගොව්වන් අනාත අලින්ට සලකන්නේ මෙහෙමයි - විඩියෝ සාක්ෂි

www.news.mahiyangana.com
Video පින්නවල ඇත් ගොව්වන් අනාත අලින්ට සලකන්නේ මෙහෙමයි - විඩියෝ සාක්ෂි
2014-01-24 පෙ.ව. 7:54

පින්නවල අලි අනාතාගාරයේ ඇත්ගොව්වන් අලින්ට අමානුෂික අන්දමින් පහරදෙන බව නැවතත් විඩියෝ රූපරාමු සහිතවම තහවුරුවේ - පහර කන අලියට ...චු යයි.
පහුගිය කාලයේ කෑගල්ල පින්නවල අලි අනාතාගාරයේ අලින් සදහා ඇත්ගේව්වන් අමානුශික අන්දමින් සැලකීම පහර දීම හේතුවෙන් අලින් පිඩාවිදි අවස්ථා ගනනක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කරගනිමින් වාර්ථා කර තිබිනි.
ඒ බව යලි පසක් කරමින් පින්නවල අලි අනාතාගාරයේ අලි නැහැවීම සදහා ගෙන යන මාඔය දී අලියකු හට අමානුශික අන්දමින් ඇත්ගොව්වකු විසින් පහර දෙන අන්දම හා ඒ පහර කෑම හේතුවෙන් අලියාට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ වේදනාව හේතුවෙන් අලියාට සුලු දිය පහවු ( චු) දර්ශන රෑගත කිරිමට හැකිවිය.
එහිදී නැහැවීම සදහා ගෙනා අලි ජල ක්‍රිඩා කිරිම සදහා අතහැර දමා සිටි අතර ඇත්ගොව්වන් ගල්තලාවක් මත වාඩි වී සතුටු සාමිචියේ යෙදී සිටියදී ඒ ඇසිල්ලෙන් එක් අලියෙක් මාඔය තරනය කර එගොඩ ගං ඉව්වරට ලගා වුනා. පසුව ඒ අලියා රැගෙන ඒමට ගිය ඇත්ගොව්වකු අලියාගේ කකුලට අමානුශික අන්දමින් පහර ‍දෙන අතර එය ඉවසා ගත නොහැකිව වේදනාවෙන් මිරිකි අලියාට සුලු දිය පහවී ය. ( චු)
මේ සිදුවීමෙන් අලින් පිළිබද ඇත්ගොව්වන්ගේ විමසිලිමත් බාවය හෙලිවන අතර ඔහුන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් අමානුශික අන්දමින් පහර කන්නට අලින්ට සිදුවන බව ඡායා රූප සහිතවම තහවුරු කර ගැනිමට හැකි විය.

No comments:

Post a Comment