Tuesday, January 7, 2014

ලක්ෂ 23ක වියදමින් කෘෂිකාර්මික සත්වපාලන හා ධිවර කටයුතු සදහා උපකරණ

2014-01-01 ප.ව. 11:19
ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා ගේ සංකල්ය අනුව 4 වන වතාවටත් සංවිධානය කල සෑම වසරකම ජනවාරි 01 දින ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික සත්වපාලන හා ධිවර කටය...ුතු සදහා උපකරණ බෙදාදීමේ 2014 වර්ෂයේ උත්සවය අද දින (01) මහියංගන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භුයේ ශ්‍රවනාගාරයේදී සංවිධානය කර තිබුනි.
එහිදී මහියංගන රිදිමාලියද්ද කන්දකැටිය යන ප්‍රාෙද්ශිය ලේකම් කොට්ඨාශ වල ජීවත්වන ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රධානය කිරිම හා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ කමත් අතුරන වතුර මෝටර් විසිරුම් ජලසම්පාද පද්දති බිම්මල් වගා කිරිම සදහා බාවිතා කරන බැරල් ජංගම අලෙවිසැල් ධාන්‍ය ඇබරුම් යන්ත්‍ර ද මිරිදිය ධිවර සංවර්ධන යටතේ ධිවරයන් සදහා ජීවිතාරක්ෂක කබා, ධිවර සමිති සදහා අධිශිතකරන යන්ත්‍ර, මත්ස්‍ය අලෙවිසැල්, යතුරුපැදි, දැල් කුඩු ද සත්ව නිෂ්පාදන සංවර්ධන වැඩසටහන යටතේ දියර කිරි අලෙවි මධ්‍යස්ථාන සදහා උපරණ, බිත්තර නිෂ්පාදනය සදහා මසක් වයසැති කිකිලි පැටවුන් බෙදාදීම සිදු කරන ලදී. ඌව පළාත් කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය මගින් මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඒ සදහා ලක්ෂ 23ක් වැය කර ඇත. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් සහභාගී වී සිටියා.
See More

















No comments:

Post a Comment