Tuesday, January 7, 2014

උසාවියේදී අල්ලස් අරගෙන මහියංගන පොලිස් නිළධාරියෙක් මාට්ටු

2014-01-06 ප.ව. 4:04
මහියංගන පොලිසියේ උසාවි කටයුතු සම්බන්දයෙන් රාජකාරි නියුතු පොලිස් නිළධාරිවරයෙකු නඩු කටයුත්තක් සදහා උසාවි භුමිය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 4000ක අල්ලසක් ලබා ගනිද්දී 06 දින දහවල් අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගැනිට හැකි වී ඇත.
අසභ්‍ය විඩියෝ දර්ශන ඇතුලත් ජංගම දුරකථනයක් ලග තබා ගත් තරුණයෙකු මුදා හැරිම සදහා රුප...ියල් 5000ක අල්ලසක් මෙම පොලිස් නිළධාරිවරයා ඉල්ලා ඇති අතර මීට පෙර රුපියල් 1000ක් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල ඊලග නඩු වාරයේදී ලබා දෙන පවසා ඇත. ඒ අනුව ඉතිරි හිග මුදල ලබා දෙන මොහොතේ දී මෙම පොලිස් නිළධාරිවරයා අත් අඩංගුවට ගැනීමට මිට අල්ලස් හා දුෂණ නිළධාරින්ට හැකි විය.
අත් අඩංගුවට පත් මහියංගන පොලිසියේ නිළධාරිවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පරික්ෂණ කටයුතු අල්ලස් හා දුෂණ නිළධාරින් විසින් සිදු කරමින් සිටී.

No comments:

Post a Comment