Sunday, January 12, 2014

අවදිවව් දම්පල් දැක්මෙන් නැගිටිමු - බොදු බල සේනා දෑ අවුරුදු දීප ව්‍යාප්ත ධර්මපාල ගුණසැමරුමේ සමාරම්භය මහියංගනයෙන් ආරම්භවේ.

අවදිවව් දම්පල් දැක්මෙන් නැගිටිමු - බොදු බල සේනා දෑ අවුරුදු දීප ව්‍යාප්ත ධර්මපාල ගුණසැමරුමේ සමාරම්භය මහියංගනයෙන් ආරම්භවේ.
2014-01-11 ප.ව. 6:01

150 වන අනගාරික ධර්මපාල ගුණ සැමරුම වෙනුවෙන් බොදු බලසේනා සංවිධානයෙන් මෙහෙයවන් ලබන අවදිවව් දම්පල් දැක්මෙන් නැගිටිමු යන මැයෙන් දීප ව්‍යාප්ත දෑ අවුරුදු ධර්මපාල ගුණ සැමරුම් වැඩසටහන් මාලාවේ  සමාරම්භක උත්සවය අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු මහානායක හිමිපානන් වහන්සේගේ හා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රි ධම්මදස්සී රතනපාල බද්ධ රක්කිතාභිදාන හිමියන්ගේ හා අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිගරු අනුනායක මහා විහාරවංශික ශයාමෝපාලි ගලගම අත්ථදස්‍යාභිදාන හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේදී 11 දින සවස 3ට උත්සවාකාරයෙන් ආරම්භ කෙරිනි.

එම අවස්ථාව සදහා බොදුබලසේනා ලේකම් ගලබඩ අත්තේ ඥානසාර හිමියන් හා මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමියන් හා බොදු බලසේනා සංවිධානයේ මහියංගන ප්‍රදේශයේ සභාපති අම්බාලේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  බොදුබලසේනා සංවිධානයේ නිළධාරින් හා සාමාජිකයන් හා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිනි. දින 7ක් මහියංගන අවට ගම්මාන වල   රැස්වීම් පවත් වා ජනතාව දැනුවක් කිරිම සිදු කිරිමට නියමිතයි. ඉන් අනතුරුව රට වටා ගොස් ජනතාව අවදි කිරිමට හා දැනුවත් කිරිමට හා ගුණ සමරිමට සුදානම්  කර ඇත. එම වැඩ සටහනේ සමාරම්භක මොහොත උත්සවාකාරයෙන් ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේන ආරම්භ කෙරිනි.















No comments:

Post a Comment