Wednesday, January 15, 2014

ජනතා විමුක්ති පෙරමුනේ ටිල්විනුයි සංදානයේ මහ ඇමති මහිපාලයි 18 වංගුවේ කොටු වෙයි.


www.news.mahiyangana.com

2014-01-15 පෙ.ව. 2:59
මහනුවර මහියංගන ඒ 26 මාර්ගයේ 18 වංගුවේ 3 වංගුව හා 4 වංගුව අතර කොටසක් වර්ශාව හේතුවෙන් 15 දින උදැසන 5.30ට පමන මාර්ගය...ේ පස් කන්දක් නායායෑමෙන් මාර්ගයට විශාල ගල් හා පස් පෙරලීම හේතුවෙන් මහනුවර මහියංගන මාර්ගයේ ගමනා ගමනය පැය 5කට නවතා දැමිය.
හසලක පොලිසියේ පොලිස් සථානාධිපති කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතා මැදිහත් වී මාර්ග සංවර්ධන නිළධාරින්ට මේ පිළිබද දැන්නුවද ඩෝසර් රියදුරන් පෝය නිවාඩු හේතුවෙන් නිවාඩුගොස් සිටි නිසා හසලක ප්‍ර දේශයේ පෞගලික අයිති කරුවකුගේ ඩෝසරයක් ගෙන්වා මාර්ගයේ ගල් ඉවත් කර වාහන ගමනා ගමනයට ඉඩ කඩ සැලසීමට සිදු විය. මෙම ඩෝසරය පැමිණිම ප්‍රමාද වීම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් වාහන දිගු පෝලිමක් එකතු වු අතර වාහන වල සිටි මගින් හා ලොරි රථ රියදුරන් එක් වී මාර්ගයට පෙරලුණු කලු ගල් කුලුගෙඩි මගින් කඩා ඉවත් කිරිමට මහත් පරිශ්‍රමයක් ගත් අතර ඔහුන්ගේ උනන්දුව හේතුවෙන් යතුරුපැදි හා ත්‍රිරෝද රථ සදහා ගමන් කිරිමට මාර්ගය සකසා ගැනීමට හැකි විය.
එකතු වු දිගු වාහන පෝලිමේ දේශපාගනයට සම්බන්ද පුද්ගලයන් දෙදෙනෙක්ද සිටින බවට හදුනා ගත් අතර ජනතා විමුක්ති පෙරමුනේ ටිල්වින් සිල්වා මහතා හා මහා අමාත්‍ය මහිපාල හේරත් මහතාද විය. දෙදෙනාම මහියංගනය ප්‍ර දේශය බලා ගමන් කරමින් සිට ඇත. මාර්ගය ගල් ඉවත් කිරිම ප්‍රමාදය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුනේ ටිල්වින් සිල්වා මහතා මහියංගනය ප්‍ර දේශයේන වාහනයක් ගෙන්වා ගෙන ඔහුගේ ගමනාන්තය වෙත ගිය අතර ටිල්වින් සිල්වා මහතා වෙනත් වාහනයකින් යනු දැක මහා අමාත්‍ය මහිපාල හේරත් මහතා - ජනතා විමුක්තිපෙරමුනේ ටිල්වින් සිල්වා මෙතනි මොනවාද කිය කියා පයින් යනවා මම දැක්කා. මේ ගල පෙරලිලා තියෙන්නෙත් ආන්ඩුවේ වරදින් කිය කිය යනවා ඇති. ඒ ගොල්ලන්ට ඕනම එකක් පේන්නේ ආන්ඩුවේ වැරදිනේ .... මේ ගමනේ එයාගේ ප්‍රමාදයට හේතුව ආන්ඩුවේ වැරද්ද කියලා කියයි යැයි අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියා.
පෞගලික හිමි කරුවකුගේ ඩෝසරය මාර්ගයේ ගල් ඉවත් කිරිමට පැමිණියේ උදැසන 10ට පමන වු අතර 10.30ට පමණ මාර්ගයේ ගමනා ගමනය යතා තත්වයට පත් කිරිමට හැකි විය. මහා අමාත්‍ය මහිපාල හේරත් මහතාද පැය 4ක් පමන මාර්ගලයේ කොටු වී සිට ගමනාන්තය දක්වා ගමන් ගත්තේ මාර්ගය යතා තත්වයට පත් කිරිමෙන් පයුවය. මාර්ගයේ ගල් ඉවත් කිරිම ප්‍රමාද වීම හේතුවෙන් දිගු වාහන පොලිමක් එකතු වී තිබු අතර මගින්ට රස්තියාදු වන්නට සිදු විය.
See More



















No comments:

Post a Comment