Wednesday, January 22, 2014

උග්‍ර ගුරු හිගය දරුවන් 520ක් පාරට බස්සයි - පැය 06ක් පාර වසයි. දරුවන් මහපාරේ කැමත් කයි. දරුවන් කිසිවෙක් පාසැල් නොයයි

 
උග්‍ර ගුරු හිගය දරුවන් 520ක් පාරට බස්සයි -  පැය 06ක් පාර වසයි. දරුවන් මහපාරේ කැමත් කයි. දරුවන් කිසිවෙක් පාසැල් නොයයි

2014-01-22 ප.ව. 5:25

මිනිපේ හදගනාවා මහා විද්‍යාලයේ උග්‍ර ගුරුහිගයක් පතතින බවත් ඒ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වන බවත් පවසමින් පාසලේ දරුවන් 520ක් පමණ මහියංගන රංදෙනිගල මාර්ගය අවහිර කරමින් උදැසන 7.00 සිට දහවල් 12.30 පමණ වන තුරු මාර්ගය අවහිර කරමින් විසදුමක් ලබා දෙනතුරු විරෝධතාවයෙන් ඉවත් නොවන බව පවසමින් විරෝධතාවයක නියැලුනි. ඊට ප්‍ර දේශයේ විහාරස්ථාන වල සංඝරත්නයේ හා දරුවන්ගේ දෙමාපියන්ද සහය පල කර සිටියා. දරුවන්ගේ විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ විශාල රථවහන පෝලිමක් එකතු වු අතර ඒ සියලු දෙනාගේ ගමනා ගමනය සම්පුර්ණයන්ම ඇන හිටියා.

මිනිපේ හදගනාවා මහා විද්‍යාලයේ විද්‍යාලයේ දැනට ගුරුවරු 23ක් හා විදුහල්පති සමග 24ක් සිටින බවත් වසර කිහිපයක් තිස්සේ ක්‍රිඩා ගුරුවරයෙක් නොමැති කමින් ක්‍රිඩාපිටිය වල් බිහිවී ඇති බවත් ක්‍රිඩා උත්සවයක් හෝ වසර ගනනාවකින් නිවාසාන්තර ක්‍රිඩා උත්සවයක් පවත්වා නොමැති බවත්  මිනිපේ විශාලතම පරිගණම පුහුණු මධ්‍යස්ථානය පිහිටි මෙම පාසලේ දරුවන් පරිගණයක් දැක නැති මට්ටමට පත් වී ඇති බවත් පාසලේ පරිගණක මධ්‍යස්ථානයේ  විදුලි බිල 40.000කට වැඩි වි ඇති බැවින් එහි විදුලිය විසන්දි කර ඇති බවත් එය ගෙවිමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගෙවන්නට කටයුතු කල බවත් ඒ මොන දේ කලත් දරුවන්හට පරිගණක පුහුණුවක් ලබා ගන්නට නොහැකිව ඇත්තේ පාසලේ ඇති පරිගණක සියල්ලම වැඩ නොකරන නිසා බවත් ඒ සියල්ලේම මදය නැතිබවට දෙමාපියන් චෝදනා කරති.  ගුරුවරු නිවාඩුයන විට දරුවන්ට පාසැල් නොපැමිනෙන ලෙස පාසලේදි කීම නිසා දරුවන් සතියකට දින 2-3ක් පාසැල් නොය බව දෙමාපියන් පවසති. දැනට ගුරුවරු 4ක් ප්‍රසුත නිවාඩු ගොස් සිටින බවත් නුදුරේදීම තවත් දෙදෙනෙකු ප්‍රසුත නිවාඩු යන බවත් ඒ ගුරුවරු සදහා සිදුවන අඩුව සම්බන්දයෙන් බළධාරින් ක්‍රියා කර නොමැති බව දෙමාපියන් පවසනවා.

විෂයානු බද්දව පාසලේ චිත්‍ර, නැටුම්, සංගීත, පරිගණක, ශාරිරික අධ්‍යාපනය, ක්‍රිඩා, කෘෂිකර්මය, පරිසරය, දෙමල හා සෞඛ යන විෂයන් සදහා ගුරුවරු නොමැති බව දෙමාපියන් හා දරුවන් පවසන අතර ප්‍රාථමික පන්ති බොහොමයක් සදහා ගුරුවරු නොමැති කමින්  5 වසර ශිෂ්සත්ව විභාගය සදහා දරුවන් ඉදිරිපත් කිරිමේදි විශාල ගැටලුවකට මුහුණ දෙන බව දෙමා පියන් පවසනවා.

හසලක පොලිසියේ පොලිස් සථානාධිපති කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතා මැදිහත් ගැටලුව සදහා විසදුම් ලබාදිමට තෙල්දෙනිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් දුරකථනයෙන් සම්බන්ද කර දී  විසදුමක් ලබාදීම සදහා බළධාරින් සම්බන්ද කර දුන් අතර ඒ අනුව තෙල්දෙනිය කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින්  මිනිපේ කොට්ඨාශ භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එස් එම් සමරකෝන් බංඩා මහතා විරෝධතාවය පැවති ස්ථානයට 11.00 පමණ වන විට පැමිනි අතර  දෙමාපියන් ගුරුවරුන් හා පාසලේ විදුහල්පතිතුමන් සහ පාසලේ දරුවන් සමග පැවති පැයකට අධික සාකච්චාවෙන් පසු මිනිපේ කොට්ඨාශ භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක එස් එම් සමරකෝන් බංඩා මහතා  විසින් දෙමාපියන් හා දරුවන් හට පොරොන්දුවක් ලබාදුනි.

එම පොරොන්දුව නම් මාර්තුමාසය අග වන විට පාසලේ සියලු ගුරුවරු හිගය සදහා විසදුම් ලබා දෙන බව පොරොන්දු විය. ඒ අනුව  දරුවන්ගේ විරෝධතාවය අවසන් විය. පොරොන්දු වු පරිදි විසදුමට ක්‍රියා කිරිමට බලධාරින් අපොහොසත් වුවහොත් මීට වඩා විශාල විරෝධතාවයක යෙදෙන බව දෙමාපියන් පවසනවා.

















No comments:

Post a Comment