Tuesday, January 14, 2014

දෙමල ඉගෙන ගන්න ආපු 280ක් ටයිපෝන්ගල් මහියංගනයේදී සමරති

දෙමල ඉගෙන ගන්න ආපු 280ක් ටයිපෝන්ගල් මහියංගනයේදී සමරති
1/14/2014 10:35 AM
මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දෙමළ භාෂාව ඉගෙන ගැනීමට පැමිණි පොලිස් නිළධාරින් 280ක් අභ්‍යාස විද්‍යාලයේදී දෙමළ චාරිත්‍රාණුකූලව අද (14) උදැසන ටයිපෝන්ගල් උත්සවය සැමරූහ.
රටට අතිගරු ජනපතිතුමන්ට හා රට වාසින්ට මෙන්ම පොලිස්පතිතුමන්ට, නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට සෙත් පතා අශිර්වාද කිරිම හා දෙමළ භාෂාව ඉගෙන ගන්නා පාඨමාලාභින් හට දෙමළ ජාතින්ගේ චාරිත්‍ර වාරිත්‍ර අධ්‍යනයයට අවස්ථාවක් ලබා දීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබුනා.
ලංකාව පුරා පිහිටි පොලිස්ථානවල පොලිස් නිළධාරින් 280ක් දෙමළ භාෂා පුහුණු පාඨමාලාව හැදැරිමට මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයට පැමිණ ඇති අතර 2013-09-30 දින සිට මාස 5ක් මෙම දෙමළ පාඨමාලාව පැවැත්වේ.
මහියංගන මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි මාරපන මහතාගේ අධික්ෂණයෙන් මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රෙස්කර මහතාගේ අදහසකට අනුව හා සංවිධානයෙන් සම්බන්දීකරණ නිළධාරි පොලිස් පරික්ෂක ඉල්ලියාස් මහතා හා අභ්‍යාස විද්‍යාලයේ නිළධාරින් හා දෙමළ භාෂාව හැදැරිම සදහා පැමිණ සිටි පොලිස් නිළධාරින් 280 මෙම අවස්ථාව සදහා සහභාගී වී සිටියා.











No comments:

Post a Comment