Saturday, January 25, 2014

තරුණයාගේ දැනුවත් කමින් ගොදුරක් ගිල සිටි පිඹුරාගේ දිවි බේරේ


තරුණයාගේ දැනුවත් කමින් ගොදුරක් ගිල සිටි පිඹුරාගේ දිවි බේරේ

1/25/2014 7:59 AM

මහියංගන සොරබොර ජනපදයේ, ඉදිගස්මුල්ල, 5 කණුව එම් බී එම් සරත් ආනන්ද මහතාගේ  නිවසේ වත්තට පැමිණ සිටි අඩි 9ක් පමණ දිග පිඹුරෙකු ඔහුගේ දැනුවත් කම හේතුවෙන් පිඹුරාගේ ජිවිතය බේරි ඇති අතර වන ජීවි නිළධාරින් පැමිණ මෙම පිඹුරා මාදුරුඔය රක්ෂිතය වෙත මුදා හැරිමට කටයුතු කර ඇත.

සරත් ආනන්ද මහතා වත්තේ වගා කටයුත්තක් කරමින් සිටියදී දගරයක් වැනි ගුලියක් දැක ඇති අතර සෝදිසි කර බැලීමේදී විශාල පිඹුරෙක් බවත් ගොදුරක් ගිලීම හේතුවෙන් ගමන් කිරිමේ අපහසුව නිසා ගුලි වි සිට ඇති බව හදුනා ගත් ඇති අතර වහාම වන ජිවි නිළධාරින්ට දුරතථන මාර්ගයෙන් දැනුම් දී ඇත.

වන ජිවි දෙපාර්ථමේන්තුවේ ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ නිළධාරින් පැමින පිඹුරා සුරක්ෂිතව අල්ලාගෙන ඇති අතර පිඹුරා මාදුරුඔය රක්ෂිතය වෙත මුදා හැරිමට කටයුතු කරනු ලැබුවා. ඒ සදහා ගිරාදුරුකෝට්ටේ අලි පාලන ඒකකයේ බී ප්‍රේමදාස, ඩබ්ලිව් යු මෙන් මෙන්ඩ ආරච්චි, ටී එම් සෙනෙවිරත්න හා රියදුරු ටී එම් සෙනෙවිරත්න යන නිළධාරින් පැමිණ සිටියා.

වර්ථමානයේ  බොහෝවිට සර්පයන් මිනිසුන්ගේ නොදැනුවත් කමින් මරා දමන අතර  පිඹුරා විෂ රහිත සර්පයෙක් ලෙස එම් බී එම් සරත් ආනන්ද තරුණයා විසින් දැන සිටිම හා සර්පයා කුමන වර්ගයේ එකෙකුදැයි හදුනා ගැනිම හේතුවෙන් පිඹුරාගේ දිවි බේරිනි.



No comments:

Post a Comment