Tuesday, January 14, 2014

උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි අපවත් වී ඇත.

 
උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි අපවත් වී ඇත.

1/14/2014 2:41 PM

මිනිපේ ප්‍රදේශයට ආගමික, සාසනික, අධාපනික, සංස්කෘතියට මහත් සේවවාක් සිදු කල හසලක  මීගොල්ල පුර්වාරාමයේ වැඩ විසු උඩදුම්බර - මිනිපේ ප්‍රධාන අධිකරණ සංඝනායක විමල කිර්ති ශ්‍රි සද්ධම්භනක විනයාචාරි පණ්ඩිත උඩවත්තේ  ශ්‍රි සෝමරතන හිමියන් 13දින ( ඊයේ  ) සවස ගිලන්ව සිට වසර 101ක් ආයු වලදා අපවත් වුහ.

1955 අගෝස්තු 03 දී හසලක මීගොල්ල ගම්වාසීන්ගේ ආරාධනයෙන් මීගොල්ල පුර්වාරාම විහාරස්ථානය ආරම්භ කර ඇති අතර 1956 පොසොන් පෝය දිනකදී උඩවෙල ධර්මරාජ දහම්පාසල මුස්ලිම් හා බෞද්ධ ළමුන් සහිතව ආරම්භ කර ඇති අතර ඒ වන විට ආරම්භක දහම් පාසලේ මුස්ලිම් දරුවන් 13ක් ද බෞද්ධ දරුවන් 02ක් සිට ඇත. එසේ ආරම්භ කල දහම්පාසලේ ධර්මාචාර්ය විභාගය සමත් මුස්ලිම් දරුවන්  දෙදෙනෙක් ද සමාජයට දායාද කරන්නට උන්වහන්සේට හැකි වී ඇත.

1913 දෙසැම්බර් 24 නුවර එළිය දිස්ත්‍රික්කයේ ගග පළාත කෝරලයේ උඩවත්ත ගම්මානයේ උපත හිමිවන් උපත ලබා ඇති අතර ගබ්බෙල සිරි සුමනාරාමා පුරාණ විහාරාධිපති උඩවෙල ශ්‍රි දේවමිත්ත විහාරාධිපතිවහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1928 මැයි 27 දින පැවිදි දිවියට ඇතුල් වී ඇති අතර පැවිදි දිවියේ මුලික අධ්‍යාපනය බඹරගල කිර්ති  ශ්‍රි රාජසිංහ පිරිවෙනේ අධ්‍යාපනය ලබා ඇති අතර  1930දී වාද්දුව මොල්ලිගොඩ ප්‍රමචනෝද්‍ය පිරිවෙන මගින් වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත.
 ශ්‍රි දේහයේ අවසන් කටයුතු ජනවාරි 16 වැනි බ්‍රහස්පතින්දා සවස 2.30ට විහාරස්ථ ආදාහන මලුවේදී සිදු කිරිමට නියමිතයි.



No comments:

Post a Comment