Wednesday, January 15, 2014

මහියංගන තරුණ ව්‍යාපාරික සුභ සාදක සංගමයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි දරුවන්ට පාසැල් උපකරණ

2014-01-15 පෙ.ව. 9:31
මහියංගන නගරයේ තරුණ ව්‍යාපාරිකයින් එක්ව පිහිටුවා ගන්නට යෙදුන තරුණ ව්‍යාපාරික සුභ සාදක සංගමයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි දරුවන් හ...ට වසර පුරා අකුරු කරන්නට අවැසි පාසැල් උපකරණ බෙදා දීමක් පසුගිය දා සිදු කෙරුනා.
මහියංගන අවට ගම්මාන වල ජිවත් වන අඩු ආදායම් ලාභි පවුල් වල දු දරුවන් 30ක් සදහා වසරක් පුරා අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය පාසැල් උපකරණ පොත් පත් සපත්තු ආදි දෑ බෙදා දීම මෙහිදී සිදු කල අතර හා මහියංගන රජමහා විහාරයේ භාරකාර දුරන්දර පුජ්‍ය උරුලෑත්තේ ධම්මරක්කිත හිමියන් ඌව පළාත් කෘෂිකර්ම පරිසර හා සංචාරක මිරිදිය ධිවර කටයුතු අමාත්‍ය අනුර විදානගමගේ අමාත්‍යවරයා හා මහියංගන ප්‍රා දේශිය ලේකම් සුනිල් අබේකෝන් මහතා මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වී දරුවන් සදහා පාසැල් උපකරණ බෙදා දීමටද සහභාගී වුවා.
මහියංගන තරුණ ව්‍යාපාරික සුභ සාදක සංගමය මගින් ලබන වසරේදී ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි දරුවන් 100ක් වෙනුවෙන් පාසැල් උපකරණ බෙදා දෙන්නට සුදානමක් ඇති බවට සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ඊ එච් එම් මහින්ද සමන් කුමාර මහතා ප්‍රකාශකල අතර ඊ එම් සම්පත් ඒකනායක සංගමයේ ලේකම් ලෙසද ඩී එම් කුමාරසිරි සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් ප්‍රදේශය ප්‍රජා සත්කාර රාශියක් කිරිම සදහා දායකත්වය ලබා දෙමින් සිටී.
වත්මන් තරුණ පරපුර මුදල් නාස්ති කරමින් විනාශයට පත් කරන යුගයක මහියංගන තරුණ ව්‍යාපාරිකයන් සංගමයක් පිහිටුවාගෙන සිදු කරනා මෙවැනි ප්‍රජා සත්කාර වැඩ සටහන් පැසසිය යුතු අගය කල යුතු ක්‍රියාවකැයි පැමිණ සිටි ආරාධිත අමුත්තන් හා විද්වත් පිරිසගේ අදහස විය.
See More

 








































No comments:

Post a Comment