Thursday, January 16, 2014

සිසුන් 325ක් පාරට බසී



ගිරාදුරුකෝට්ටේ අලුයටවෙල පාසලේ ප්‍රාතමිකය නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් 325ක් හා ගම්මායේ දෙමාපියන් විශාල පිරිසක් පාරට බසී.
2014-01-16 පෙ.ව. 3:53
ගිරාදුරුකෝට්ටේ, හෙබරව, අලුයටවෙල මහා විද්‍යාලයේ ඉවත් කරන ලද ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ගම්වාසීන් ...හා පාසලේ සිසු දරුදැරියන් 325ක් 16 දින උදැසන පාරට බැස විරෝධතාවයක නිරත වු අතර අවසානයේ ඔහුන් හෙබරව හතරමන් හන්දියට පැමිණ විරෝධතාවයේ නිරත විය. උදැසන 8 සිට දහවල් 11.20 දක්වා මෙම විරෝධතාවය පැවතිනි. මේ හේතුව නිසාවෙන් මහියංගන දිවුල පැලැස්ස මාර්ගය හා ගිරාදුරුකෝට්ටේ සිට විල්ගමුව මාතලේ මාර්ගය අවහිර වු අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනි. ඇති වු තත්වය පාලනය කිරිම සදහා ගිරාදුරුකෝට්ටේ පොලිසියේ නිළධාරින්ද එම ස්ථානයට පැමිණියහ.
හෙබරව, අලුයටවෙල මහා විද්‍යාලය ද්විතික පාසලක් කිරිම සදහා එම විද්‍යාලයේ ප්‍රාථමිකය වසරින් වසර පන්ති ඉත් කල අතර එම පන්ති සදහා නවක සිසුන්ද බදවා ගැනිමෙන් වැලකී සිට ඇත. ඒ අනුව මේ වන විට ප්‍රාථමිකයේ 4 වන වසර පමණක් පන්ති පැවැත් වේ. (1-2-3 යන පන්ති ඉවත් කර ඇත) මෙම පාසලේ ප්‍රාථමිකයේ ඉත් කල පංති නැවත ලබාදී ප්‍රාථමිකය නැවත සක්‍රිය කර දෙන ලෙස ඉල්ලා දෙමාපියන් දරුදැරියන් විරෝධතාවයට එක් ව සිටියහ. ගම්මානයේ වැසියන් ඉතා දරිද්‍රතාවයකින් පෙලෙන ගොවි ජනතාව වීම හේතුවෙන් විශාල මුදලක් වියදම් කර දුර පාසැල් සදහා දරුවන් රැගෙන යෑම ඉතා දුෂ්කර විම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව විය.
අවසානයේ මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයේ සහකාර කළාප අධ්‍යපන අධ්‍යක්ෂක ප්‍රේමරත්න මහතා පැමිණ දෙමාපියන් සමග සාකච්චා කර ගැටලුව සදහා ගතහැකි සාර්ථක විසදුම පිළබද ඉහළ නිළධාරින් සමග දුරකථනයෙන්ද සාකච්චා කර පාසලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කිරිමටත් පළමු වසර සදහා ළමුන් බාර ගන්නා බවටත් දෙමාපියන්ට පොරෝන්දු විය. ඒ අනුව විරෝධතාවයේ නිරතව සිටි දෙමාපියන් හා දරු දැරියන් විසිර ගියහ.
See More
















No comments:

Post a Comment