Tuesday, January 7, 2014

අයියා එකකුසේ උපන් නංගිව දුෂණය කරලා

2014-01-07 ප.ව. 11:02
රිදිමාලියද්ද කුරුවිතැන්න ගම්මානයේ බුබුල වසමේ කෝන්ගස්තලාව ප්‍රදේශයේ වයස අවිවාහක 18 තරුණියක්ව තම එක්කුස උපන් සහෝදරයා (අයියා) විසින් දුෂණය කිරිමේ සිදුවීමක් ඊයේ උදැසන 9.45ට පමණ වාර්ථා වී ඇති අතර දුෂණය සිදු කල පුද්ගලයා මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා මේ වන විට මහියංගන පොලිසියේ නිළධාරින් ක්‍රියා කරමින් සිටි.
අතවරයට ලක...් වු තරුණියගේ මව ඒ වන විට කන්දේගම ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් සිට ඇති අතර එසේ යෑමට පෙර එම තරුණියට සිය අත්තම්මාගේ නිවසේ හෝ යෙහෙලියකගේ නිවසේ රැදි සිටින ලෙස අවවාද කර පිටව ගොස් ඇත. ඒ අනුව ඇය සිය අත්තම්මාගේ නිවසට ගොස් සිටියදී එම තරුණියගේ අයියා පැමිණ අත්තම්මාගේ ගෙදරට ආවේ ඇයි ??? යාලුවාගේ ගෙදරට නොගියේ ඇයි දැයි ප්‍රශ්ණ කරමින් නැගනියට පහර දී ඇති අතර නැගනිය බයිසිකලයේ නන්ගාගෙන නිවසට රැගෙන ගොස් ඇත. එසේ යන අතර මගදීද නැගනියට පහර දීම හේතුවෙන් ක්ලාන්තය දමා වැටී ඇති අතර සිහිය නැවත ලැබෙන විට තම එකකුස උපන් සහෝදරයා (අයියා) ඇයව දුෂණය කරමින් සිට ඇති අතර සිරුරේ ඇදුම් කිසිවක් තිබී නොමැත. ඒ මොහොතේ පටන් මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු ඒ වන විට කොළඹ ප්‍රදේශයේ නිවාස ඉදිකිරිම් සිදු කරනා ස්ථානයක කම්කරුවකු ලෙස සේවයේ යෙදි නිවාඩුව සදහා නිවසට පැමිණ සිට ඇත.
සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතා, මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි එස් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර ප්‍රදේශයෙන් පලා ගොස් සිටිනා සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි.

No comments:

Post a Comment