Wednesday, January 15, 2014

18 වංගුවේදී සිරවී සිටියදී මහිපාල ඇමති තුමා කියු කථාවට ටිල්වින්ගෙන් බදුල්ලේදී පිළිතුරු

2014-01-15 පෙ.ව. 10:54
මහා අමාත්‍ය මහිපාල හේරත් මහතා 18 වංගුවේදී කියු කථාවට ජනතා විමුක්ති පෙරමුනේ ටිල්වින් සිල්වා මහතා 15 දින(අද) සවස බදුල්ලේදී පිළිතුර...ු කථාවක් සිදු කර ඇති අතර එය මෙසේය. මේ ආන්ඩුවේ කලබල දඩි බිඩි සංවර්ධනයක් තියෙනවා. ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ කොමිස් ගහන අයට කොන්ත්‍රාත් කරන අයට ආන්ඩුවේ ලොක්කන්ට තිබුනාට පොදු ජනතාවට නෑ. පොදු ජනතාවට බොහෝ විට කරදරයක් තමයි තියෙන්නේ. මෑත කාලයේ කඩිනමින් පාරවල් කිහිපයක් හැදුවා කදු කපලා. වැහි කාලෙට ඒ පාරවල් නිතරම වහන්ඩ වෙලා තියෙන්නේ. පස් කඩා වැටෙනවා ගල් පෙරලෙනවා. කිසි ප්‍රමිතියක් නෑ. ආන්ඩුව කදු කපලා ප්‍රමිතියකින් තොරව පාරවල් හදලා තියෙන හින්ද තමයි ජනතාවට පැය ගනන් මාර්ග වල මේ වගේ රස්තියාදු වෙන්ඩ වෙලා තිවෙන්නේ...පාර හදපු එක නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ... පාර හදපු එක හොදයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ කදු කපලා පාර පුලුල් කරද්දී කදු කපලා තියෙන්නේ ප්‍රමිතියකට නෙවෙයි. කදු කඩා වැටීම වලක්වන්න කිසිම පියවරක් අරගෙන නෑ. කදු කඩා වැ‍ටෙන තැන්වල පැති බැමි හදලා නෑ. ඒ නිසා විශාල අනතුරක් තියෙනවා. දැවැන්ත කලු ගල් කුට්ටි පාරට හිටි ගමන් කඩා වැටෙනවා.

No comments:

Post a Comment