Saturday, February 1, 2014

පාරේ කාණුව නිසා මහියංගන රෝහලම ලගදීම කොට උඩ යන ලකුණු

2014-01-28 පෙ.ව. 10:40

මහියංගන පුජා නගර හා මාර්ග සංවර්ධනය යටතේ අලුතින් ඉදිකරන මාර්ගය දෙපස කොන්ක්‍රිට් පැති කාණු මහියංගන මුලික රෝහල් භුමියට හැරවීම හේතුවෙන් රෝහලේ කෝටි ගණනක් වටිනා මල අපවහන පලදෝරු පද්දතිය ජලය පිරිම හේතුවෙන් විශාල අවදානමකට ලක් වී විනාශ වන්නට ඉතා ආසන්නව ඇත.

සිදුවන්නට යන අවදානම සම්බන්දයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් දැනුවත් කලද බිරි අලින්ට වයනා විනා වැනි තත්වයක් උදාවි ඇත. මාර්ගයේ ජලය රෝහල් භුමිය තුළට හරවා ඉදි කර ඇති කොන්ක්‍රිට් කානුව හේතුවෙන් රෝහලේ මල අපවහන පලදෝරු පද්දතිය පිහිටි භුමිය වැවක් මෙන් ජලය පිරෙන අතර එම ජලය මල අපවහන පද්දතිය හා මිශ්‍ර වීමේ අවදානමක් හා එම ජලය කාණු මගින් ප්‍රදේශයේ ගංගා ඇල දොලට එක්වී දැඩි සෞඛ ප්‍රශ්නයක් උදාවිමේ විශාල අවදානමක් උදාවී ඇත. මෙම කාණුවේ ජලය හේතුවෙන් රෝහලේ මල අපවහන පලදෝරු පද්දතිය විනාශ වුවහොත් එය නැවත සෑදිම සදහා කෝටි ගනනක මුදලක් වැය කරන්නට රජයට සිදුවනු ඇත. තවද එය නැවත ප්‍රතිසංස්කරණය කරණ තුරු රෝහලේ වැසිකිලි සියල්ල පාවිච්චි කිරිමට නොහැකි වනු ඇත. එමගින් රෝගින්, වෛද්‍යවරුන්, කාර්යමණ්ඩලය විශාල අපහසුතාවයකට පත්වනු නොවනු මානය.

මහියංගන අවට විශාල ගම් ප්‍රදේශයකට සෙත සලසන මුලික රෝහලේ මල අපවහන පද්දතියට   විශාල විනාශයක් සිදුවන්නට පෙර වග කිවයුතු මාර්ග සංවර්ධන නිළධාරින් මේ සම්බන්දයෙන් කටයුතු කරනු ඇතැයි ද ඌව පළාත් සෞඛ අමාත්‍යාංශයේ වගකිව යුතු ඉහල නිළධාරින්ගේ අවදානය කඩිනමින් ලැබී මේ සම්බන්දයෙන් සොයා බලනු ඇතැයිද ඌව පළාත් ගරු ආණ්ඩුකාර වරයාගේ විශේෂ අවධානය යොමුව කඩිනමින් විසදුම් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.





No comments:

Post a Comment