Tuesday, August 9, 2016

ආදිවාසි දින සැමරුම දඹාන කොට බකිනිය ගම්මානයේදි

 2016-08-09 ප.ව. 4:37
ලෝක ආදිවාසී දින සැමරුම නිමිත්තෙන් අද (09) ආදිවාසී ගම්මාන රැසක ආදිවාසින් එක්ව දඹාන කොටබකිනිය ගම්මානයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් සැමරීය.
ඒ නිමිත්තෙන් ඔවුන්ට ආවේනික වරිග සභාව ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රියේ දඹාන, මොරබැද්දේදි රැස්වු අතර එහිදි ඔහුන්ට ඇතිවි ඇති ගැටලු සම්බන්දයෙන් ප්‍රධාන ආදිවාසී නායක දඹාන වන්නිලා ඇත්තන් සමග සාකච්චා කෙරිනි. එම ගැටලු රජයේ අවධානය සදහා යොමු කිරිම සදහා අද (09) අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාට හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා වෙ දඹානේදි බාර දෙන ලදී. එහි කරුණු 11ක් රජයේ අවදානය යොමු කරන ලෙස ආදි වාසින් ඉල්ලා සිටි.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙවර ලෝක ආදිවාසි දිනට සමගාමිව ශ්‍රිලංකාවේ ආදිවාසි ජන කොට්ඨාශයන් සහබාගි කර ගනිමින් දඹාන කොටබකිනිය ගම්මානයේදී අද (09) උදැසන 10.30ට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන මහතාගේ සහබාගිත්වයෙන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඒ සදහා මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් පී.එස්. පී. අබේවර්ධන මහතාගේ හා කාර්යය මණ්ඩලයේ සහයෝගය නොමසුරුව ලබාදී තිබුනි.
මෙවර ලෝක ආදිවාසි දින සැමරුම දඹාන, කොටබකිනිය ගම්මානය මුලික කරගනිමින් පැවැත්වෙන අතර ඒ සදහා ලංකාව පුරා විසිරි සිටින ආදිවාසින්ගේ ගම්මාන 06ක වැදි ජනතාව සහබාගිවිය.
මීට සමගාමිව ආදිවාසි ජනයාගේ අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ආදිවාසි ගම්මාය කේන්ද්‍ර කරගනිමින් පාසැල් පුස්ථකාල ප්‍රවර්ධනය කිරිමේ ප්‍රථම අධියර ලෙස ආදිවාසී කලාපයට අයත් පාසැල් 07කට පොත් බොදාදිම සිදු කරනලද අතර නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි ආහාර සලාක බෙදාදීම සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය නිළධාරින්, ආදිවාසින් , ගම්වාසින් රැසක් සහබාගී වි සිටියෝය. ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්ති කර්මය ආදි ඔහුනට ආවේනික සංස්කෘතික අංගවලින් මෙම අවස්ථාව වර්ණවත් විය.
ආදිවාසි ගම්මාන රැසක් මේ වන විට මත් රකුසාගෙන් වෙලාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ආදිවාසි පවුල් වල දරිද්‍රතාවය හා අසමගිය ඉහල ගොස් ඇතිබව ආදිවාසී කාන්තාවන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විශේෂයෙන් දඹාන ආදිවාසි ගම්මානයේ මෙම ගැටලුව උග්‍රබවත් ආදිවාසි ගම්මාන මත් රකුසාගෙන් බේරා දෙන ලෙස වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව කාන්තාවන් ඉල්ලා සිටියේය.
















No comments:

Post a Comment