Saturday, August 27, 2016

විල්ගමුවේ ශිෂ්‍යත්ව බිභාගයෙන් අසාධාරණයට ලක්වු දරුවන්ගේ දෙමාපියෝ දරුවන්ට සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක


27/08/2016 01:49
මාතලේ, විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල මහා විද්‍යාලයේ පසුගිය දා පැවති ශිෂ්‍යත්ව විභාගයේදී සිදු වු අසාධාරණයට සාධාරණයක් ඉල්ලා දරුවන්ගේ දෙමාපියන් ඊයේ (26) විල්ගමුව මන්සන්දියේ සිට විල්ගමුව කලාප කාර්යාලය දක්වා විරෝධතාවයේ නිරතවෙමින් පාගමනින් පැමිණියේය.
පසුගියදා නුගගොල්ල මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යාස්ථානයේ විභාගය ආරම්භකිරිමට කිසිදු සංඥාවක් ශාලාධිපති විසින් දැනුම් නොදුන් බව දරුවන් පැවසුහ. ඒ හේතුවෙන් විනාඩි 20ට පමණ පසු දරුවන් ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයිම ආරම්භ කර ඇති අතර එසේ ආම්භකර ඇත්තේද “පිළිතුරු ලියා අවසන් කිරිමට තව විනාඩි 20යි තියෙන්නේ “ යැයි ගුරුවරියක් දැනුම් දිමෙන් අනතුරුවයි. ඒ හේතුවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිමට ප්‍රමාණවත් කාලයන් නොලැබු දරුවන් විභාගය අවසන් වී පාසැලෙන් පිටතට පැමිණියේ හැඩු කදුලිණි.
එදින සිදු වු අසාධාරණය සම්බන්දයෙන් කෝපයට වු දරුවන්ගේ දෙමාපියන් පාසැල් ගේට්ටුව අභියස විභාග ශාලාධිපතිට හා නිරික්ෂණ ගුරුවරුන් සදහා විරෝධය පෑවේය. විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ශාලාධිපති නිරික්ෂණ ගුරුවරු ගමන් ගත් වෑන් රථයට දෙමාපියන් පොල් ගසා දරුවන්ට සිදු කල අසාධාරණයට සාප කලේය.

ඊයේ (26) විල්ගමුව අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට උදැසන සිට විරෝධතාවයේ දෙමාපියන් නිරතවී සිටියද ඒ සදහා විසදුම් ලබාදීමට කිසිදු වගකිවයුතු නිළධාරියෙක් කාර්යාලයේ නොසිටියේය. විල්ගමුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ කේ ඩි ජයරත්න මහතා මැදිහත් වීමෙන් දෙමාපියන් කිහිප දෙනෙකු කාර්යාලය තුලට කැදවා නිළධාරිණියක් සමග දෙමාපියන් කිහිප දෙනෙකු සාකච්ඡා සිදු කල අතර ඇයටද මෙම ගැටලුව සදහා පිළිතුරක් දීමට නොහැකි බව ප්‍රකාශ කර සිටියේය. දහවල් 2.00 පමණ වන තුරුත් දෙමාපියන් විල්ගමුව කළාප කාර්යාලය ඉදිරිපිට රැදි සිටිමින් දරුවන් සදහා සාධාරණයක් සිදු කරනා ලෙස ඉල්ලා සිටියේය.
මෙම ගැටලුව සම්බන්දයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිදත් විපුලරත්න මහතාගෙන් විමසීම සදහා ජංගම දුරකථනය වෙත දුරකථන ඇමතුම් ලබාගත්තද ජංගම දුරකථනය ක්‍රියා විසන්ධි කර තිබුනි.
වසර කිහිපයක් තිස්සේ දෙමාපියන් විදි දුක් විභාග ශාලාධිපතිගේ නොසැලකිල්ලෙන් වතුරේගිය බව දෙමාපියන් ප්‍රකාශ කලේය. දරුවන් සදහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන බලධාරින්ගෙන් දෙමාපියන් ඉල්ලති .



No comments:

Post a Comment