Monday, August 1, 2016

පළතුරු ප්‍රවහනය මුවාවෙන් බුරුත දැව කොටන් ඇද්ද ලොරිය මාට්ටු

 2016-08-01 ප.ව. 12:16
පළතුරු ප්‍රවහනය මුවාවෙන් බුරුත දැව කොටන් කාලයක් තිස්සේ ප්‍රවාහනය කල ලොරි රථයක් ඊයේ (01) උදැසන කොටු කර ගැනීමට වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මහියංගන අඩවි වන කාර්යාල නිළධාරින් සමත් විය.
රිදිමාලියද්ද, පින්නගොල්ලේ සිට මඩකලපුව දක්වා කාලයක් තිස්සේ මේ ආකාරයෙන් බලපත්‍ර නොමැතිව කපන ලද දැව ප්‍රවාහනය කර ඇති බවට අත් අඩංගුවට ගත් පසු නිළධාරින් විසින් අණාවරණය කරගෙන ඇත. අත් අඩංගුවට පත් ලොරි රථය මැදමහනුවර ප්‍ර දේශයේ ලොරි රථයකි. කෙසෙල්, බඩඉරිගු, කොස්, කොමඩු වැනි පළතුරු ලොරි රථයේ උඩින් පටවා අභ්‍යන්තරයේ බුරුත දැව සුක්ෂම ආකාරයෙන් අසුරා ප්‍රවාහනය කිරිමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කර ඇත.
අත් අඩංගුවය ගත් දැව කදන්වල වටිනාකම තක්සේරු කිරිම සදහා යොමු කර ඇති අතර අත් අඩංගුවට ගත් ලොරි රථය හා එහි රියදුරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
වනසංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මහියංගන අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිළධාරි අසේල කුලරත්න මහතාගේ මෙහෙය වීමෙන් වන කේෂ්ත්‍ර සහකාර ගාමිනි දිසානායක, ජයරත්න, අබේසේකාර නිළධාරින් හා වගා කම්කරු සුමතිපාල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චන්න රෝහිත, ධර්මරත්න හා වීරසේකර යන අය විසින් මෙම වැටලීම සිදු කර ඇත.







No comments:

Post a Comment