Tuesday, August 2, 2016

පාසැල් සිසුවියන් දෙදෙනා ගිණි තබා ගෙන මරුට


 21:18 02/08/2016
පස්සර මඩොල්සිම රොබේරිය වතු යායේ පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවියන් දෙදෙනෙකු සිරුරට ගිණි තබාගෙන සිය දිවි නසා ගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ රොබෙරිය නව නිවාස වල පදිංචි සෙල්වකුමාරි කාංචනා සහ පරමේෂ්වරී අරුල් සෙල්වි යන ඥාති සොයුරියන් දෙදෙනාය.

වතු යායේ නිවාස දෙකක පදිංචි ඔවුන් එක් නිවසක් තුලදී සිරුරට භුමි තෙල් දමාගෙන ගිණි තබා ගෙන තිබේ. එක් සිසුවියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවිය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් මෙසේ ගිණි තබා ගෙන ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ සිද්ධියක් මත යැයි තහවුරු නොවූ වාර්තා සදහන් කරයි.

No comments:

Post a Comment