Thursday, August 11, 2016

කෙසෙල් කැන් හා වී ප්‍රවාහනය කරන ආකාරයෙන් රැගෙන ගිය ලක්ෂ 85කට අධික වටිනා හොර දැව තොගයක් අත්අඩංගුවට

21:03 11/08/2016
බිබිල, මහියංගනය, රිදීමාලියද්ද, ආඳාඋල්පොත ප්‍රදේශ වෙතින් කෙසෙල් කැන් හා වී ප්‍රවාහනය කරන ආකාරයෙන් සුක්‍ෂම ලෙස කිසිඳු බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව ඉරා සකස් කරන ලද කුඹුක් හා තේක්ක දැව තොගයක් අකුරණ ප්‍රදේශයට රැගෙන ගොස් නිවසක සගවා තිබියදී, මහනුවර අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවකට අනුව ඊයේ (10) දින පස්වරු කාලයේ අකුරණ බුලුගොහොතැන්න ප්‍රදේශයේ නිවසක ගෙවත්තක් පරික්ෂාකල මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එක් සැකකරුවෙකුද සමඟින් ලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වී ප්‍රවාහනය කරන ආකාරයෙන් ලොරියක පසුපස හා රියදුරු අසුනට පෙනෙන ඉදිරිපස කොටසේ වී ගෝනි අතුරා සුක්‍ෂම ආකාරයෙන් කුඹුක් දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ඉකුත් 10 වැනිදා දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගත් අතර එම ලොරියේ සිටි සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුව දැව ගබඩා කොට තිබු ස්ථානය වටලා මෙම දැව තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ දැව මුද්‍රාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රසේකර මහතා විසින් සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
මෙම සම්පුර්ණ දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment