Thursday, August 11, 2016

වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බවට මැසිවිලි

වන අලි ගොවිබිම් වලට වැදී සිදුකරන හානි උග්‍රවී ඇති බව මහියංගන සොරබොර මීගහපිටිය ගම්වාසීන් මැසිවිලි නගති.
2016-08-10 ප.ව. 1:03

 මහියංගන අවට ගම්මාන රැසකට තවමත් වන අලින්ගෙන් සිදුවන කරදර මෙන්ම හානි අඩුවක් වී නොමැති බවත් මේදින වල ගොවිබිම් සියල්ල අස්වනු නෙලීමට ආසන්නව පවතින බවත් වන අලි රංචු පිටින් ගොවිබිම්වලට වැදීම හේතුවෙන් වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට පත් කිරීම හේතුවෙන් තමන් මහත් ආර්ථික අපහසුතාවයන් වලට පත්ව සිටින බවට ගම්වාසින් චෝදනා කරති.

සොරබොරවැව සිට සොරබොර වැව අවට ගම්මාන රැසකට මේදනවල වන අලි 07ක් පමණ සිටිනා රංචුවක් පැමින කුඹුරු අස්වනු, වගාභූමි පාලු සිදු කරන බවත් අස්වැන්න නෙලා නිවෙස් වලව ගත් පසු නිවාස කඩා දේපල හානිකර වන අලි අස්වැන්න අහාරයට ගන්නා බව ගම්වාසින් පවසති.

මෙම කරදර කාරී වන අලි රංචුව  මහියංගන ‍සොරබොර වැව, මාපාකඩවැව, දම්බරාව වැව  වැනි වැව් වල කැලෑ කුට්ටිවල රැදී සිටිමින් දිවාකාලය ගත කරන බවත් රාත්‍රියට ගම්වැදී සාමාන්‍ය ජන ජිවිතය අවුල් ජාලයක් බවට පත් කරන බවත් ගොවියන් ගිනිමැලගසා විදුලි බුබුලු ගොවිබිම්වලට යොදා රාත්‍රිය නිදිවරා කුඹුරු ආරක්ෂා කරගැනීමට සිදුව ඇතැයි ගොවිජනතාව පවසනවා.

කඩිනමින් මේ සදහා වගකිවයුතු නිළධාරින් මැදිහත්ව ගොවිජනතාව හට සහනයක් සලසාදෙන ලෙස ඉල්ලා සිටී.





No comments:

Post a Comment