Saturday, August 13, 2016

මහවැලි වියානා ඇළට කැබ්රථයක් පෙරලී අතුරුදහන් වු පුද්ගල මල සිරුරු වැවක තිබී හමුවෙයි.


 2016-08-13 පෙ.ව. 10:25
මහවැලි වියානා ඇළට 11දින රාත්‍රි 11.30ට පමණ මහියංගන තිස්සපුර ප්‍ර දේශයේදි කැබ්රථයක් පෙරලී එහි  අතුරුදහන් වු පුද්ගලයාගේ මල සිරුර අද (13) උදැසන දියබානා වැවේ තිබී ගම්වාසින් විසින් සොයාගන්නා ලදී. අනතුර සිදු වු ස්ථානයේ සිට කිලෝමිටර් 5ක් පමණ දුරට සිරුර ඇළ දිගේ ගසාගෙන ගොස් තිබිනි.

මෙලෙස මියගොස් ඇත්තේ කැබ්රථයේ හිමිකරු වන කේ පී ගයාන් ඉන්දික බංඩාර නම් වයස 31ක් වන අයෙකි. ඔහු 11 කණුව, බෝගහකුඹුර, ඌරණිය , රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු විවාහක එක් දරු පියෙකි.

ගම්වාසීන් හා මහියංගන පොලිසිය ඒක්ව මහවැලි වියානා ඇලට පෙරලී තිබු කැබ්රථය ඊයේ (12) උදැසන ගොඩගත් අතර එහි ජංගම දුරකථනයකින් පටිගත කරන ලද දර්ශන එවා ඇත.

මළසිරුර සොයා දියබානා වැවට හා  උල්හිටිය ජලාශයට ගසාගෙන යන්නට ඇති බවට සැකකර ඊයේ දවස පුරා ගම්වාසින් හා මහියංගන පොලිසිය මෙහෙයුම් සිදු කළෝය. සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.

සිද්දිය පිළිබද වැඩිදුර පරික්ෂණ මහියංගණ පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ.






No comments:

Post a Comment