Sunday, August 21, 2016

ශිෂ්‍යත්ව විභාගය විනාඩි 20ක් ප්‍රමාදවී සිසුන් දැඩි අසිරුවක-දොමාපියන් කුපිතවී පාසල ඉදිරිපිට උණුසුම් වෙයි.

2016-08-21 ප.ව. 3:54

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (21) උදෑසන 9.30 රට පුරා ආරම්භ වු අතර විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යාස්ථානයේ විභාගය ආරම්භ කිරිම ප්‍රමාදවීමක් සම්බන්දයෙන් දෙමාපියන් හා දරුවන් එම විද්‍යාලය ඉදිරිපිට රැස්වී විභාග මධ්‍යාස්ථාන නිළධාරින්හට විරෝධය පෑවේය.

එම පාසැලේ එක් ශිෂ්‍යත්ව විභාග මධ්‍යාස්ථානයක ප්‍රශ්නපත්‍ර බෙදාදී විභාග අංකය ප්‍රශ්න පත්‍රෙය් ලියන ලෙස ගුරුවරු උපදෙස්දී ටික වේලාවකට පසු තව විනාඩි 20යි තියෙන්නේ කාලය අවසන් විමට යැයි පැවසීමෙන් දරුවන් මහත් සේ අපහසු තාවයකට පත් වු බව දරුවන් චෝදනා කරති. විභාගය ලිවිමට/ආරම්භකිරිමට කිසිදු සංඥාවක් ශාලාධිපති දැනුම් නොදුන් බව දරුවන් පවසති. විනාඩි 20ට ප්‍රශ්න 40ක් පිළිතුරු සපයන්නේ කෙසේදැයි දරුවන් විභාග නිරික්ෂණ ගුරුවරුන්ගෙන් ඇසු විට “බත් බෙදා දුන්නම කෑම කන්ඩ වෙනම කියන්ඩ අවශ්‍ය දැයි“ එක් ගුරුවරියක් ශාලාවේ දරුවන් හට බැන වැදී ඇත.
දරුවන් විභාගය අවසන් වී පාසැලෙන් පිටතට පැමිණියේ හැඩු කදුලිණි. දරුවන් පැමිනෙනතුරු බලා සිටි දෙමාපියන් සිදු වු අසාධාරණය සම්බන්දයෙන් කෝප වු අතර පාසැල් ගේට්ටුව අභියස විභාග ශාලාධිපතිට හා නිරික්ෂණ ගුරුවරුන් සදහා විරෝධය පෑවේය. ගුරුවරුන්ට පිටතට යෑමට නොදි ගේට්ටුව අවහිර කලේය.
විල්ගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පාලිත ඉලංගන්සේකර මහතා පැමිණ අධ්‍යාපන බළධාරින් හා දෙමාපියන් කිහිප ‍දෙනෙකු සමග සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදුන් අතර අධ්‍යාපන බළධාරින් සිද්ධිය සම්බන්දයෙන් විමර්ශණයක් සිදුකර ශාලාවේ විභාගය සදහා මුහුණ දුන් දරුවන් සදහා විභාග ප්‍රතිඵල නිකුත් කිරිමට ප්‍රථම සාදාරණයක් සිදු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව තත්වය සමතයකට පත්විය.
විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ශාලාධිපති නිරික්ෂණ ගුරුවරු ගමන් ගත් වෑන් රථයට දෙමාපියන් පොල් ගසා දරුවන්ට සිදු කල අසාධාරණයට සාප කලේය. වසර කිහිපයක් තිස්සේ දෙමාපියන් විදි දුක් විභාග ශාලාධිපතිගේ නොසැල කිල්ලෙන් වතුරේගිය බව දෙමාපියන් ශාප කලේය. දරුවන් සදහා සාධාරණයක් ඉටු කරන ලෙස අධ්‍යාපන බලධාරින්ගෙන් දෙමාපියන් ඉල්ලති .








No comments:

Post a Comment