Saturday, August 13, 2016

දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක්



13-08-2016 20:08 අතීතයේ දන්ත ධාතුන් වහන්නේ ඝණ කැලෑ ගුහා ආදියෙහි සඟවාගෙන රැගෙන එන අතර තුර මී පැණියෙන් ධාන්‍ය යෙන් අල වර්ගයන්ගෙන් පුද පූජා පැවැත්වීම සිහි ගැන්වීම පිණිස අදටත් වැදි ජනතාව මී පැණි පූජාව වාර්ෂිකව පවත්වනු ලබයි.

දළදා පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ උදෑසන ඔහුන් මෙම පුජාව සිදු කරනු ලබන අතර දළදා සමිඳුන්හට කිලෝග්රෑම් 50 කට අධික මී පැණි ප්‍රමාණයක් රැගෙන විත් පූජා පවත්වති. 

ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික අඛන්ඩව මෙම මීපැණි පුජාව සිදු කරති.අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල මහතාද හමු විය.








No comments:

Post a Comment