Friday, August 12, 2016

මහවැලි වියානා ඇළට කැබ්රථයක් පෙරලී පුද්ගලයෙකු අතරුදහන්


2016-08-12 ප.ව. 3:37
මහවැලි වියානා ඇළට ඊයේ (11)රාත්‍රි 11.30ට පමණ මහියංගන තිස්සපුර ප්‍ර දේශයේදි කැබ්රථයක් පෙරලී එහි ගමන් ගත් රියදුරු අතුරුදහන්ව ඇත.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කැබ්රථයේ හිමිකරු වන කේ පී ගයාන් ඉන්දික බංඩාර නම් වයස 31ක් වන අයෙකි. ඔහු 11 කණුව, බෝගහකුඹුර, ඌරණිය , රිදිමාලියද්ද යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු විවාහක එක් දරු පියෙකි.
ගම්වාසීන් හා මහියංගන පොලිසිය ඒක්ව මහවැලි වියානා ඇලට පෙරලී තිබු කැබ්රථය අද උදැසන ගොඩගත් අතර රියදුරු ජලයේ ගසාගෙන යන්නට ඇතිබවට සැකකර රියදුරුසොයා මෙහෙයුම් අද සවස් වනතුරුසිදු කෙරිනි. අද සවස 6.00දක්වා සිදු කරනු ලැබු මෙහෙයුම් වලදී අතුරුදහන් පුද්ගලයා සොයාගැනීමට නොහැකි වින. මළසිරුර දියබානා වැවට හො උල්හිටිය ජලාශයට ගසාගෙන යන්නට ඇති බවට සැක කෙරෙන අතර මෘත දේහය සොයා මෙහෙයුම් දිගගටම සිදු කෙරේ.
සිද්දිය පිළිබද වැඩිදුර පරික්ෂණ මහියංගණ පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ.










No comments:

Post a Comment