Wednesday, August 24, 2016

නුගගොල්ල ප්‍රාථමිකයේ ගුරුවරයාගෙන් ප්‍රශ්න කරයි

00:09 24/08/2016
ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසකට අසාධාරණයක්‌ සිදුවූයේ යෑයි කියන මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල ප්‍රාථමික විදුහල් විභාග මධ්‍යස්‌ථානයේ අන වසරයෙන් රැඳී සිටි එම විදුහලේ ගුරුවරයාගෙන් කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සිද්ධිය පිළිsබඳ ප්‍රශ්න කර ඇත.

සිසුන් පිරිසකට සිදු වූ බව කියන අසාධාරණය ගැන විභාගය අවසන් වීමට පෙර තමන්ට තොරතුරු ලබාදුන්නේ මෙම ගුරුවරයා යෑයි දෙමවුපියන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සිදත් විපුලරත්න මහතාට ප්‍රකාශ කර තිබිණි. පළමු ප්‍රශ්න පත්‍රයට පසුව ලැබෙන පැය භාගයක විවේක කාලයේදී සිසුන්ට විභාග මධ්‍යස්‌ථානයෙන් පිටතට යැමට හෝ පිටස්‌තර පුද්ගලයන්ට මධ්‍යස්‌ථානයට පැමිණීමට හෝ නොහැකිය. එසේ තිබියදී මෙම ගුරුවරයා මධ්‍යස්‌ථානයේ සිට ඇති බවත් සිදුවූයේ යෑයි කියන අසාධාරණය සම්බන්ධ තොරතුරු දෙමවුපියන්ට පවසා ඇත්තේ එහි සිට බවත් මේ වන විට අනාවරණය වී ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ඊයේ අවසන් කර ඇති අතර එම වාර්තාව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාග කොමසාරිස්‌ ජනරාල්වරයාට ලබාදීමට නියමිතය.

No comments:

Post a Comment