Monday, August 1, 2016

මහියංගනයේ කෝවිල්යායේ හබරවැව අසරණ පවුලකට ජ.වි.පෙ. න් නිවසක් - ඔබටත් ඒ සදහා උපකාර කල හැක

20:30 01/08/2016
ජනාතා විමුක්ති පෙරමුනේ මහියංගන ආසන බලමන්ඩලය මගින් මහියංගන කෝවිල් යාය ගම්මානයේ අසරණ පවුලක් සදහා නිවසක් සාදාදීම සදහා පසුගිය මාසයේ 11 දින මුල්ගල තබා වැඩ ආරම්භකර ඇත.
ජනතා විමුක්ති පෙරමුනේ සහන සේවා බලකායේ පෙරරේරුවන් ශ්‍රමිකයන් දේශපාලන නායකයන් එක්ව මේ දිනවල එහි වැඩ කඩිනමින් නිම කරමින් සිටී. මහියංගන නගරයේ ව්‍යාපාරිකයන් ගම්වාසින්ද මේ සදහා මුල්‍ය උපකාර ද්‍රව්‍ය ආධාර ලබාදී ඇත.
ඌව පළාත්සභ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා හා හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතාද සිය ශ්‍රමය ලබාදෙමින් එහි වැඩ කටයුතු කඩිනම් සිදු කිරිම සදහා සිය ශ්‍රමය ලබාදීම විශේෂත්වයක් වේ.

මෙම අසරණ පවුලේ ගෘහ මුලිකයා අනතුරක් හේතුවෙන් ආබාධිත වු යෙක් වන අතර වයස 07 වසරේ ඉගෙනුම ලබන පාසැල් දැරියක් සිටින අතර මවද රෝගි කාන්තාවන් වීම හේතුවෙන්ද, ඔහුන් ජිවත්වු නිවස ගිය වසරේ වර්ශාවට බිමට සමතලා වීම හේතුවෙන්ද ඔහුන් සදහා නිවසක් සාදාදීමට තිරණය කල බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතා
පැවසීය. අසල්වාසියෙකු මෙම අසරණ පවුල සදහා පර්චස් 10ක ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර එම ඉඩමේ මේ වන විට නව නිවසක් සෑදීමට කටයුතු ආරම්භකර ඇත. කාමර 02ක් සාලය, කුස්සිය, හා වැසිකිලි දෙකක් මේ වන විට සාදමින් පවතින අතර ජනෙල් මට්ටමට වැඩ නිමකර අවසන්ය. ජනේල් සදහා දැව සොයාගැනිම මේ වන විට ගැටලුවක්ව පවතින අතර පරිත්‍යාග ශිලි අයෙකු සිටීනම් ඒ සදහා උපකාර කල හැක
ඔබත් මෙම සමාජ සත්කාරය සදහා එක්වීමට කැමතිනම් හිටපු ඌව පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල මහතා සමග කථාකර විස්ථර ලබාගත හැක
දුරකථන 0774005006/0718210706












No comments:

Post a Comment