Sunday, September 4, 2016

නිවස ඉදිරිපිට පුද්ගල මළසිරුරක්

04/09/2016 21:41
මහියංගන , මාපාකඩවැව, 20 කණුව ප්‍ර දේශයේ ඊයේ (03) උදැසන නිවසක් ඉදිරිපිට පුද්ගල මළසිරුරක් තිබෙන බවට නිවෙස් හිමියන් මහියංගන පොලිසියට දැනුම් දී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 130/1 මාපාකඩවැව ලිපිනයේ සිටි ජයතිස්ස බණ්ඩා නම් වයස 59ක් පුද්ගලයෙකි. ඔහු පෙරේදා (02) රාත්‍රි ත්‍රිරෝධ රථයකින් බීමත්ව නිමසට පැමිණ බවත්, ඔහු එසේ පැමිනෙන විට නිවෙස් හිමි කාන්තාව අධික ලෙස පහර දෙන නිසාත් ඔහු සමග දික්කසාද වී ඇති හෙයින් නිවසේ දොර විවෘත නොකෙරු බවත්, අද උදැසන නිවස ඉදිරිපිට වැටි සිටිනු දැක අසල් වාසින් සමග පරික්ෂා කිරිමේදි මියගොස් සිටි බවත් ඒ පිළිබද පොලිසියට දැන් වු බව නිවෙස් හිමි කාන්තාව ප්‍රකාශ කර සිටී.
ඒ අනුව මහියංගන පොලිසිය සිද්ධිය වු ස්ථානයට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත. බීමත් කම හේතුවෙන් රෝගි වී මියගිය බවට සැක කෙරෙන අතර මරණ පරික්ෂණය හා මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතව තිබේ.
සිද්දිය සම්බන්දයෙන මහියංගන පොලිසිය පරික්ෂණ පවත්වති..


No comments:

Post a Comment