Monday, September 5, 2016

මහියංගනයේ ගණිකා නිවසක් වටලා කාන්තාවන් 04ක් අත් අඩංගුවට


2016-09-05 පෙ.ව. 11:59

නිතිවිරෝධි ආකාරයෙන් මහියංගන නගරයේ ඩිපෝව ආසන්නයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (04) දින මහියංගන පොලිසිය විසින් වටලා කාන්තාවන් 4ක් හා එය පවත්වාගෙන යනු ලැබු සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය

අත් අඩංගුවට ගනු ලැබු කාන්තාවන් රත්නපුර, හසලක, ගිරිබාව, හදගනාව යන ප්‍ර දේශයේ පදිංචි කරුවන් වේ.

අත් අඩංගුවට පත් වු කාන්තාවන් හා ගණිකා නිවාසය පවත්වාගෙන යනු ලැබු පුද්ගයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කලේය.


No comments:

Post a Comment