Saturday, September 17, 2016

ඓතිහාසික මහියංගන රාජමාවිහාරිය හා මහියංගන සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමවෙයි

 
19:33 17/09/2016
ඓතිහාසික මහියංගණ රජමහා විහාරීය හා ඓතිහාසික මහියංගණ සමන් දේවාලයේ 2016 ඇසල මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (16) රාත්‍රි වීදි සංචාරය කලේය. අද (17) උදෑසන දහවල් පෙරහැර පවත්වා සාර්ථකව නිම කරන ලදී. එහි  අද (17)  දින උදැසන  මහවැලි ගංතීරයේදි චාරිත්‍රානු කූලව දියකැපීම සිදු කිරිමෙන් පෙරහැර අවසන් කෙරිනි.
ඓතිහාසික මහියංගණ රජමහා විහාරීය පෙරහැර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ සංවිධානයෙන්ද ඓතිහාසික මහියංගණ සමන් දේවාලයේ පෙරහැර දේවාලයේ බස්නායක ගයාන් හීන්කෙන්ද මහතාගේ සංවිධානයෙන් සිදු කෙරිනි.








































No comments:

Post a Comment