Sunday, September 4, 2016

දහඩිය, කදුල කැප කර ලබාගන්නා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකන හසලක පල්ලේවත්ත හොරුන්ගේ වැඩ ටික මෙන්න - ජාවාරමේ එක්දිනක වරුවක ශුද්ධ ආදායම රුපියල් 33000ක්

2016-09-04 පෙ.ව. 9:37

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන බොහෝ පිරිසක් තවමත් තම ජීවිකාව සරි කරගන්නේ ගොවිතැන හරහායි. ඔවුන්ගේ ලොකුම සිහිනය වන්නේ මාස ගණනාවක් දහදුක් විද ලබාගන්නා තම අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමයි. දහඩිය, කදුල කැප කර අස්වැන්නට මිලක් ලබාගැනීමට වෙරදරනා ගොවීන්ගේ අස්වැන්න කොල්ලකෑමට වෙනස්කරන ලද වංචනික තරාදි සකසා කූට වෙළදුන් දරනා වංචනික ප්‍රයෝගයක් පිළිබදව පසුගියදා මිනිපේ, පල්ලේවත්ත ප්‍ර දේශයෙන් අනාවරණය කර ගන්නට හැකි වු අතර කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් පසුගියදා කූට වෙළෙදුන් අල්ලා ගැනිම සදහා විශේෂ වැටලීමක් වියලුව ආසනයේ කන්දකැටිය ප්‍ර දේශයේදී සිදු කෙරින.
වී හා බඩ ඉරිගු අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් මිනිපේ පල්ලෙවත්ත හා හසලක යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී හා බඩඉරිගු තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.

මේ වන විට ප්‍ර දේශ රැසක වි අස්වනු නෙලිම ආරම්ක කර ඇති අතර විශේෂයෙන් එම ප්‍ර දේශ ඉලක්ක කරගනිමින් කුඹුරු වලටම ගොස් ගොවියාගෙන් වැඩි මිළට වි මිළදි ගැනිමට මෙම ජාවාරම් කරුවන් ක්‍රියා කරමින් සිටි.
කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා (01) විශේෂ වැටලීමක් දියත් කළා. අස්වනු මිළදී ගැනීම සදහා නිවෙස් වෙත පැමිනෙන මෙම ජාවාරම් කරුවන් අල්ලා ගැනීම සදාහ නිවෙස් කිහිපයකම රැදිසිටිමින් කටයුතු කල අතර ජාවාරම් කරුවන් වෙත ගම්මානය තුලින්ම පණිවිඩ ලැබීම හේතුවෙන් ඔහුන් එම නිළධාරින් මගහැර සිටියේය. එම හේතුනේ මෙම ජාවාරම් කරුවන් නිතියේ රැහැනට කොටු කර ගැනීම අසිරු විය. විවිධ උපක්‍රම යොදා අවසානයේ ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු කොටු කර ගැනීමට කිරුම් මිණුම් නිළධාරින්ට හැකි විය.

ඒ අනුව වෙනස් කරන ලද තරාදි ලොරි රථවල රහසිගත ස්ථානවල සගවා තබන බවට ලද තොරතුරු අනුව දැඩි පරීක්ෂාවකට ලක්වුණා. ඒ එක් ලොරි රථයක් පරීක්ෂා කිරිමේදී තරාදි දෙකක් ලොරි රථයේ තිබි යොයාගත් අතර එකක නිවැරදි ලෙස ක්‍රියාකරනා තරාදියක් වන අරත අනෙක ජාවාරම් කරුවන් විසින් සකස් කරන ලද එකක් බවට පරික්ෂාකර බැලිමෙන් අනතුරුව අනාවරණය විය. එය කිලෝ 30ට වැඩි බරක් කිරිමේදී කිලෝ 10ක අඩු අගයක් පෙන්වන අයුරින් සකසා තිබුනි.
ඒ අනුව පරික්ෂාකිරිමට ලක්වු වංචාකරුවෙකුගේ ලොරි රථයේ පටවා තිබු බඩ ඉඩ ඉරිගු තොගයේ කිලෝ 750ක් එදින වංචනික ආකාරයෙන් වැඩියෙන් කිරා ගොවියා හට වංචාකර තිබු මුදල රුපියල් 33000ක් බවට ගනන් බන්බැලින. ඒ ආකාරයෙන් දිනකට ගමන් වාර දෙකක් ‍ගමන් කරමින් ගොවියාට සිදු කරනා වංචාව සුලු පටු නොවේ.
2015 මාර්තු මාසයේදීද මේ ආකාරයෙන් වැටලීමක් සිදු කර මෙම වංචාකරුවන් පිලිබද තොරතුරු මාධ්‍ය මගින් රටටම අණාවරණය සිදු කල අතර එහිදී “ ගියර් සිස්ටම් “ නැමැති කූට ක්‍රමයකට තරාදි සකසා තිබු අතර අවශ්‍ය විටදී තරාදියේ යට හැඩලය අතින් උස්සා දැමු විට ( Manual ) බර අඩුවෙන් කිරාගත හැක. මෙමවර පරික්ෂා කිරිමේදී එම ක්‍රමයට වඩා බෙහෙවින් දියුණු තාක්ෂණයක් එක්කර (Auto) ඉබේම එම සංසිද්ධිය සිදුවන ආකරයෙන් “ ඔටෝ ගියර් සිස්ටම් “ ක්‍රමයට සකසා තිබුනි. තවද තරාදියේ දර්ශක කටුවේ මුද්ද්‍රාව කඩා ගොවියාගේ අවධානය වෙනතක ඇති මොහොත කටුවට ඇගිල්ලෙන් ගසා බර අඩුවෙන් කිරනා ක්‍රමයක් ගැන මේ වන විට තොරතුරු අනාවරණය වේ.
මෙසේ විවිධ වු ආකාරවෙන් දුක්විදින ගොවියාගේ රිරි මංශය උරා බී මුදල් උපයන වංචාකරුවන් රැසක් මේ වන විට බිහිවී තිබීමත් ගොවියා ඒ පිළිබද දැනුවත් නොවීමත් කණගාටුවට කරුනකි. ඒසේම මෙවැනි වංචාකරුවෙකු හට අධිකරණයෙන් නියම කරනා දඩය රුපියල් 5000ක් වැනි සුලු මුදලක් වීමද මෙවැනි වංචාකරුවන් ගේ පැවැත්මට ගැටලුවක් වී නොමැත.

මිනිපේ හසලක ප්‍ර දේශයේ සිට ක්‍රියාත්මක ව්‍යාජ තරාදි වංචාවට අදාළ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී ඇතැයි කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසනවා

මේ වන විට ලොරි රථ නිළධාරින්ගේ පරික්ෂාවට ලක්වන බැවින් කූට වෙළෙදුන්ගේ අලුත්ම ක්‍රමයකට සකස් කරන ලද තරාදි කේෂ්ත්‍රයට ගෙන යයි. ඒ හොර තරාදි ලොරි රථයේ රැගෙන යාමෙන් වැලකි ලොරි රථයේ සහයක මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථමගින් ගෙන යෑමයි. එහිදි ඔහුන් බලාපොරොත්තු වන්නේ මහ මගදි සිදුවන වැටලිම් වලින් මිදි වංචාව සාර්ථකව ඉදිරියටම ගෙන ගොස් ඔහුන්ගේ මඩිය තරකර ගැනිම වේ.
වෙළදුන්ගේ කුමණ දහන් ගැට ගැසුවත් ඒ සම්බන්දයෙන් සියලු තොරතුරු කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් හට ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග හා වැටලිම් නිරන්තරයෙන් සිදු කරන බව බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටි.
වංචනික ආකාරයෙන් තරාදි සකසා ගොවින්ගේ අස්වනු වංචා සිදු කරනා වෙළෙදුන් සම්බන්දයෙන් ඉදිරියේදි වැටලිම් රාශියක් සිදු කිරිමට බළා පොරොත්තු වන බවත් මෙවැනි කූට වෙළෙදුනගේ ප්‍ර යෝග වලට හසු විම වැලැක් විම සදහා තමා සතුවට තරාදියක් මිළදි ගන්නා ලෙසත් ඒ සදහා වැය වන්නේ රුපියල් 3000ක් පමණ සුලු මුදලක් බවත් එම තරාදි වාර්ශිකව ලියාපදිංචි කර භාවිතයට ගන්නා ලෙස මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් ගොවිජනතාවය දැනුම් දෙයි.
මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ මිණුම් සේවා අධ්‍යක්ෂ කේ ප්‍රේමසිරි කුමාර මහතාගේ විශේෂ උපදෙස් පරිදි හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ අධික්ෂණයෙන් බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා, මිණුම් ප්‍රමිති සහයක කේ පි වසන්ත කුමාර යන නිලධාරින් සහබාගි වි සිටියේය.

https://www.facebook.com/NewsatMahiyangana/






No comments:

Post a Comment