Thursday, September 8, 2016

පාසැල් ගුරුවරයාගේ අපයෝජන තැත වරදී - හතර වසර පාසැල් දැරියක් බේරේ.


2016-09-08 ප.ව. 12:42
හසලක ප්‍ර දේශයේ ජනප්‍රිය ප්‍රාථමික පාසලක හතර වසර දැරියක් පාසල තුලදී අපයෝජනයට ලක්කිරිමට උත්සාහගත් ගුරුවරයෙකු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හරින ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය අද (08)  නියෝග කරනු ලැබු අතර දැරියට හෝ දෙමාපියන් හට බලපෑම් සිදු නොකරන ලෙසද දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
පාසල නිමවී පාසලේ පැවති ශිෂ්‍යත්ව අමතර පංතිය සදහා සහබාගි වි සිටි හතර වසරෙහි ඉගෙනුම ලබමින් සිටි පාසැල් දැරියක් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත. ඈ අමතර පංතියේ විවේක කාලයේදි අත සේදීම සදහා පිටතට ගොස් ඇත.  එසේ යමින් සිටි දැරිය වෙත පාසැලේ වෙනත් පංතියක් තුල සිටි ගුරුවරයෙකු කථාකර දැරිය බලෙන් සිපගෙන ඇත. ඒබව දැරිය දෙමාපියන් වෙත පැමිණිලි කිරිමෙන් පසු දෙමාපියන් විසින් හසලක පොලිසිය වෙත පැමිණි කර ඇත.
ඒ අනුව හසලක පොලිසිය විසින් අදාල ගුරුවරයා සැක පිට අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙසේ අත් අඩංගුවට ගත් ගුරුවරයා වසර 27ක් පාසැල් සේවාවෙහි නියුතු වු වෙකු වන අතර විවාහකයෙක්ද වේ.

සිද්ධිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති තුමන් හා කාන්තා කාර්යාංශයේ නිළධාරිනියන් විසින් පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

No comments:

Post a Comment