Saturday, September 17, 2016

ඓතිහාසික වැදිපෙරහැර

ඓතිහාසික වැදිපෙරහැර 
20:08 17/09/2016
ඓතිහාසික මහියංගණ පෙරහැරට සමගාමීව අද (17) පාන්දර 4.00ට මහියංගන සුමණ සමන් දේවාලය අභියස ඓතිහාසික වැදිපෙරහැර පැවැත් වින. ඒ අවසන් රන්දෝලි පෙරහැර 2016 සැප්තැම්බර් 16 දින රාත්‍රියේදී අවසන් වී විහාරයට සහ දේවාලයට ගෙවිදීමෙන් පසුවයි. 

සමන් දේවාලයේ බස්නායක  ගයාන් හිංකෙන්ද මහතා විසින් සාම්ප්‍රධායික ලෙස ආදිවාසී පෙර හැර ආරම්භ කිරිම සදහා මී පැණි ආදිවාසීන් වෙත බෙදා දීමෙන් අනතුරුව ආදිවාසින් මීපැණි ඔහුන්ගේ ඇගේ ගල්වා ඒ මත පුලුං අලවා, දිග රිටි (ලී) ගෙන ආදිවාසී පෙරහැර සදහා සුදානම් විය. සමන් දේවාලය ඉදිරිපිට සාම්ප්‍රධායික ආදිවාසී චාරිත්‍රානුකූලව රංගණයේ යෙදිමින් බුදු හිමියන්ගේ  ප්‍රථම ලංකා ගමනය සිහි කරමින් බුදු හිමියන් දමනය කිරිම සදහා ලී වලින් අනිමින් හිරිහැර කෙරේ. එහිදී බුදු හිමියන් දමනය කිරිමට නොහැකි වු කල්හි බුදු හිමියන් හට කරදර හිරිහැර සිදු කල ලී දේවාලයේ සදකඩ පහණ මත පොලවේ ගසමින් කෑලි කුඩු වන සේ පොළවේ ගසා සමාව අයදිති. ඉන් අනතුරුව හු කියමින් මහවැලි ගග වෙත දිවගොස් දිය නා පිරිසිදු වී සමන් දේවාලය වෙත පැමිණ සමන් දෙවියන් වෙත පුජා පැවැත් වුහ.






























No comments:

Post a Comment