Friday, September 23, 2016

ආදිවාසී නායකතුමාට ශල්‍යකර්මයක්

2016-09-23 ප.ව. 1:19
දඹාන ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා අත්තන් ගේ ශල්‍යකර්මයක් සිදු කාරිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත. නායක තුමන්ගේ ජීවිත කාලය පුරාවට රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් වුයේ මේ දෙවන වරට බවයි වන්නිලා ඇත්තන් පවසති.

අපස්තතිති පුන්ජය (appendicitis) නම් වු රෝගී තත්වයක් හේතුවෙන් කුඩා ගැටිත්තක් නායකතුමන්ගේ උදරයේ මතුවී ඇති බවත් එය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත පසුගිය 21 දින ඇතුලත් වු බවත් එය මේ වන විටත් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කල බවත් මහියංගන රෝහලේ අධ්‍යක්ෂක සෙනරත් බන්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය. 

“මම මේ රෝහල් ගත උනේ මගේ ජිවිතයේ දෙවෙනි වරට. ප්‍රථමයෙන් උණරෝගයක් හැදිලා දඹාන රෝහලට ඇතුලත් උනා. වැඩි හොදට කියලා දොස්තර මහත්තුරු මාව මහියංගන රෝහලට එව්වා. ඒ දවසේවල මම වාට්ටුවේ ඉන්නවා දැකලා ගොඩාක් අය මාව බලන්න එන්න ගත්තා. වෛද්‍යවරුන්ටත් කාර්යය මණ්ඩලයටත් ඒ කෙන් ලොකු කරදරයක් වෙන්න පටන් ගත්තා ප්‍රතිකාර සදහා. ඉන් පස්සේ කාටත් වැඩිය ඇස නොගැටෙන තැනක් වන රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාව දැම්මා. කොහොම හරි ඕක කව්රු හරි දැකලා නායක තුමන්ට හොදටම අමාරුයි දැන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රති කාර ගන්නේ කියලා ප්‍රචාරයක් ගියා. ඊට පස්සේ ඒක ටිවි පත්තර වල ගියා. කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවා කලබල වෙලා හෝගාල විස්තර අහන්ඩගත්තා ඒ දවස්වල. ඒකෙන් ලොකු ජරමරයක් උනේ. මේ පාරනම් මගේ බඩේ යටින් පොඩි ගෙඩියක් හැදුනේ. ඒක ශල්‍යකර්මයකින් ලේසියෙන් අයින් කරන්න පුලුවන් කියාල වාට්ටුවේ නතර වෙන්න කියලා දොස්තර මහත්තුරු කිව්වා. 21 උදේ වාට්ටුවේ නතර උනේ. එදා හැන්දෑවෙම ඔපරේෂන් එක කරා. දැන් මට හොදයි. ඉක්මනින්ම ගෙදර යන්නත් පුලුවන් වෙයි කියලා මම හිතනවා යැයි. මහියංගන රොහලේ දොස්තර මහත්තුරු ඇතුලු කාර්යය මණ්ඩලය මට ගොඩක් උදව් කරා“ යැයි ආදි වාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.




No comments:

Post a Comment