Sunday, September 4, 2016

තාත්තගේ අසනීපය වෙනුවෙන් ‘එකවර පතිවත පිදූ’ මාතලේ දියණියන් දෙදෙනා

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුවතියන් දෙදෙනකුව වයස අවුරුදු 55ක කට්ටඩියකු එකවර දූෂණය කිරීම පිළිබඳ පුවතක් වාර්තා වනවා.
වයෝවෘද්ධ පියාගේ අසනීප තත්ත්වයක් සුව කිරීම සඳහා කට්ටඩියකුගේ සේවය ලබා ගෙන ඇති මෙම යුවතියන් දෙදෙනාට පියාගේ රෝගය වෙනුවෙන් පුජාවක් කළ යුතු බව ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.
“තාත්තගේ ලෙඩේ සනීප කරන්න තව එක පූජාවක් තියෙනවා.ඔයාලා දෙන්නා එක්ක එකට ඉන්න ඕනේ. මේ පූජාවෙන් පස්සේ තාත්තට සනීප වෙනවා”.යනුවෙන් මෙම කට්ටඩියා ප්‍රකාශ කර තිබෙනවා.
පීතෘ සෙනෙහස හමුවේ සිය පතිවෘතතාව පනස් පස් වියැති අයෙකු හමුවේ පූජා කරන්නට තරම් මේ දැරිවියන් දෙදෙනා පෙලඹුණේ ඒ අනුව බවයි පැවසෙන්නේ.
තාත්තා සුවකරන්නට සිය ආත්මය බිලිගත් කට්ටඩියා යළි දකින්නට නොලැබීමත් සමග මෙම යුවතියන් දෙදෙනා පොලිසියට ගොස් පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.

No comments:

Post a Comment