Wednesday, September 28, 2016

වැලි ජාවාරම් කරුවන් මාධ්‍යට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයෙකුගේ ගඩොල් වැඩපලට ගිනි තබයි

2016-09-28 ප.ව. 12:00
මහවැලි ගගේ සිදුවන වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට පාලමට මතුව ඇති අවදානම් තත්වය සම්බන්දයෙන් මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වු ගම්වාසියෙකුගේ ගඩොල් වැඩ පලේ දේපල හා භුමියට කිසියම් පිරිසක් ඊයේ (27 ) රාත්‍රි යේ ගිනි තබා ඇත. පොල් අතු පැල, ගඩොල් පිලිස්සීම සදහා ගෙනවිත් තිබු දර, දහයියා සහ ඉටිරෙදි, ඉඩමේ සම්පුර්ණ භූමියම ගිනිබත් වී විශාල හානියක් සිදුව ඇත. මේ සම්බන්දයෙන් ගම්වාසියා 119 වෙත දැනුම් දිමක්ද සිදු කල බවත් පෙරේදා මාධ්‍ය වේදින් හට හසලක පොලිසිය තුලදී තර්ජනය කල ජාවාරම් කරුවන් විසින් මෙම ගිනිතැබීම සිදු කරන්නට ඇති බවට සැක කරප බව ප්‍රකාශ කර සිටි. මාධ්‍ය වෙනුවෙන් ප්‍රකාශ ලබාදුන් අනෙක් පුද්ගපයන්ද මේ වන විට ගම හැරගොස් ඇත්තේ වැලි ජාවාරම් කරුවන්ගේ තර්ජන හේතුවෙනි.

No comments:

Post a Comment