Monday, September 5, 2016

බලපත්‍ර නොමැතිවි රජයේ අරක්කු වික්ක කාන්තාව දැලේ


2016-09-05 ප.ව. 1:14

නිතිවිරෝධි ආකාරයෙන් රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව වෙළෙදාම් කල කාන්තාවක් අරක්කු බෝතල් 08ක් සමග මහියංගන 49 කණුව ප්‍ර දේශයේදී ඊයේ (04) මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

රජයේ අරක්කු බලපත්‍ර නොමැතිව විකිණිමේ චෝදනාව යටතේ අත් අඩංගුවට පත් වු කාන්තාව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් මෙම වැටලීම සිදු කලේය.


No comments:

Post a Comment