Friday, September 30, 2016

පරිසර නියෝජ්‍ය ඇමතිගේ විශේෂ අවධානය වැලි ජාවාරම් හේතුවෙන් අවදානමට පත් වු වේරගංතොට මහවැලි පාලමට

 2016-09-30 පෙ.ව. 6:54
මහවැලි ගගේ සිදුවන වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට මහවැලි පාලමට මතුව ඇති අවදානම් තත්වය සම්බන්දයෙන් පසුගිය සතිය පුරා මාධ්‍ය මගින් සිදු කල අනවරණයෙන් පසු පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ නිරික්ෂණයට ඊයේ (29) දහවල් ලක් විය. එහිදි හසලක ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිළධාරි වරයාද එම නිරික්ෂණ සදහා සහබාගි වු විය. තාක්ෂණ නිළධාරි වරයා විසින් සිදු ව ඇති හානිය අමාත්‍යවරයා හට පෙන්වා දුන්නේය. “අපි මහියංගන වේරගංතොට පාලම නිරික්ෂණයට පැමිණියා. මේ දේ පසුගිය කාලය පුරා සිදු වු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් සිද්ධ වෙන්න ඇති කියලා විෂ්වාස කරනයවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිළදාරිතුමන්ට හැකි ඉක්මනින් මේ සම්බන්දයෙන් වාර්ථාවක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබුවා. එතුමාගේ වාර්ථාව අනුව මේ පාලමට අවදානමක් නොවන්න ඉදිරියේදි කටයුතු සම්පාදනය කරනවා. මේ පාලම විශාල වියදමක් සිදු කර ඉදිකල පැරණි පාලමක්. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය , භුවිද්‍යා කර්යාංශය එක්ව සාකච්චා කර, මෙහි ආරක්ෂාව වෙනුවෙන් එම ආයතන සමග වැලි සදහා බලපත්‍ර නිකුත් කරන ආකාරය පිළිබද අපි සාකච්චා කරනවා. එම හමුව අපි සදුදා දින පවත්වනවා. මාධ්‍ය වේදින් හා මාධ්‍ය ආයතන අද පරිසරය පිළිබද අපව දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. මාධ්‍ය වගකිමෙන් එහා ගිය සමාජ මෙහෙවරක් ලෙස මාධ්‍ය ආයතන කටයුතු කරනවා. අපි ඒ සියලු දෙනාට ස්තුති වන්ත වෙනුවා“ යැය අනුරාධ ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.






No comments:

Post a Comment