Thursday, September 15, 2016

මිනිපේ අමුණ ප්‍රතිසංස්කරණයට පියවර


20:17 15/09/2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත මිණිපේ ගොවි ජනපදයේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ගොවි ජනතාවට ජල පහසුකම් වැඩි දියුණු කිරිමේ අරමුණින් මිනිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් මිනිපේ වම් ඉවුර හා සොරෝවුව නිරීක්ෂණ කිරීමට එක්විය.
රුපියල් මිලියන 2,600 ක මුදලක් යොදවා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සදහා ආසියනු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 25ක ආධාර මුදලක් ලබාදී තිබේ. ඒ අනුව කි.මී. 74 ක දිගින් යුත් මිණිපේ ඇල ප්‍රතිසංස්කරණය කරනුයේ වසර තිහකට පමණ පසුව වීමද විශේෂත්වයකි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර මේ යටතේ මිණිපේ වම් ඉවුරු වේල්ල මීටර් 3.5 කින් උස්කිරීමට නියමිතයි.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ කෘෂිකාර්මික කටයුතු සදහා හිගයකින් තොරව කුඹුරු හෙක්ටයාර් 7,500 කට ජලය ලබාදීමට හැකියාව ලැබෙන
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා,ඌව පළාත් මන්ත්‍රී අනුර විදානගමගේ මහතා,මිනිපේ වම ඉවුරු ඇල පුනුරුත්තාපන වියප්‍රතියේ වියප්‍රති අධ්‍යක්ෂ එස්.ඩි මැදිවක මහතා ඇතුළු පරිසර අමාත්‍යංශ නිලධාරී පිරිසක් සහබාගි විය.











No comments:

Post a Comment