Wednesday, September 28, 2016

ගල් ප්‍රහාරයකින් ආදිවාසියෙකු මරුට


 2016-09-28 ප.ව. 3:26
දඹාන ගුරුකුඹුර ගම්මානයේ පවුල් ආරව්ලක් හේතුවෙන් සිදු වු බහින බස් විමකින් පසු එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් ආදිවාසියෙකු මියගොස් ඇත. 
මෙසේ මියගොස් ඇත්තේ අංක 44, ගුරුකුඹුර, දඹාන යන ලිපිනයේ පදිංචිව සිටි උනෑපාන වරිගයේ තිසාහාමි නැමැති වයස 78ක් වු අයෙකි.
මියගිය තැනැත්තාගේ දියනියගේ අනියම් සැමියා විසින් එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම ආදිවාසි පුද්ගලයා මියගොස් ඇත. මෙම ආරවුල සිදුව ඇත්තේ 20 දින රාත්‍රියේය. ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබු අය ප්‍රතිකාර සදහා දඹාන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මහියංගනයටද පසුව බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත. නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) රාත්‍රියෙදි මියගොස් ඇත.
ගල් ප්‍රහාරය සිදු කල දියණියගේ අනියම් සැමියා මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.



No comments:

Post a Comment