Thursday, September 15, 2016

මාරක රිය අනතුරෙන් දෙදෙනෙක් මරුට - 8ක් රෝහලේ

 2016-09-15 පෙ.ව. 11:59
මහියංගන බදුල්ල මාර්ගයේ, දම්බරාව පාලම අසලදී අද(15) දහවල් 11.00ට පමණ වැටහීරියා දර පැටවු ලොරි රථයක් හා වැන් රථයක් මුහුණට මුහුණ ගැටී වෑන් රථයේ ගමන්ගත් දෙදෙනෙකු මිය ගියේය. 8 දෙනෙකු තුවාල ලබා මහියංගන රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබීය. වෑන් රථයේ රියදුරු හා පසුපස ගමන් ගත් කාන්තාවක් මිය ගියේය.

අනතුරට පත් වෑන් රථයේ සිටි සියලු දෙනා අම්පාර ප්‍ර දේශයේ පදිංචි අය වේ. කුඩා දරුවන් 3ක් අතුලු දස දෙනෙකු වෑන්රථයේ ගමන් කරමින් සිට ඇත. වෑන් රථයේ ගමන් කල දස දෙනාම තුවාල ලබා රෝහල් ගත කල අතර වැඩිදුර ප්‍රකිකාර සදහා හතර දෙනෙකු බදුල්ල මහරෝහල වෙත මරු කර යැවිනි. ලොරි රථයේ රියදුරු මහියංගන පොලිසිය වෙත බාරවී ඇති අතර ඔහු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙක ඉදිරිපත් කිරිමට නියමිතව සිටි.

සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගේ හා රථවාහන අංශයේ ස්ථානාධිපති රොශාන් සංජිව මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින් සිදු කරනු ලබයි.






No comments:

Post a Comment