Thursday, May 26, 2016

CCTV දර්ශන වලින් දෙදෙනෙක් අත් අඩංගුවට - 05ක් ගන්ඩ ඉන්නවා

5/27/2016 11:56 AM 
මහියංගන නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක CCTV දර්ශන පරික්ෂා කිරිමෙන් අනතුරුව මහියංගන නගරයේ පසුගිය දා රාත්‍රි පෝස්ටර් ගැසු තරුණයන් පිරිසට අයත් යැයි සැකකරන තරුණයන් දෙදෙනෙකු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමෙන් අනතුරුව පෙරේදා  (26) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත්  තිෂානි තේනබදු මහත්මිය විසින් සැකකරුවන් ලබන මස 09 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

CCTV දර්ශන අනුව තවත් තරුණයන් 05ක් අත් අඩංගුවය ගැනිමට නියමිත බව මහිංයගන පොලිසිය පවසනවා. 
මහියංගනය නගරය හා අවට ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ පොලිසි තුනක නිළධාරින් හා පොලිස් කැරළි මර්ධන ඒකක දෙකක්ද කැදවා තිබේ.
පසුගිය වෙසක් පොහොය දින දඹගල්ල ප්‍රදේශයේ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු මහියංගන පගරගම්මන ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් අට දෙනෙකු (08) රාත්‍රියේ ගිණි තබා විනාශ කිරීම පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම තරුණයන්ගේ ක්‍රියාවට විරෝධය පා 24 වන දා රාත්‍රියේ මහියංගන නගරයේ ඇතැම් වෙළදසැල් වසා දමන ලෙසද කිසියම් පිරිසක් පෝස්ටර් අලවා තිබින. ඒ අනුව එම වෙළෙදසැල් වල CCTV දර්ශන පරික්ෂාකර එයට සම්බන්ද තරුණයන් අත් අඩංගුවට ගැනීමට මහියංගන පොලිස් නිළධාරන් කටයුතු කරනු ලැබිය.
මෙම ගිණී තැබීමට විරෝධය පා කිසියම් නොසන්සුන්කාරී තත්වයක් ඇතිවේයැයි සැක පිට මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මැදගම, බිබිල හා මහියංගනය පොලිසිවල නිළධාරින් කැදවා තිබේ.
ඌව දිශාව භාර නියෝජ්‍ය පොලිස් පති වරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් ජංගම මුර සංචාරක රථද යොදවා තිබේ.
ප්‍රදේශයේ ජාතීන් අතර ගැටුමක් ඇතිවීම වලක්වාලීම සදහා මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා  සහ රාජ්‍ය නිළධාරින් එක්වී ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්, ප්‍රදේශවාසින් අතර සාකච්ඡා පවත්වා ගැටුම්කාරි තත්වයක් ඇතිවිම වැලැක් වීමට කටයුතු කිරිම සම්බන්දයෙන් බොහෝ දෙනාගේ ප්‍රසාදය මේ වන විට ඵල කර ඇත.

No comments:

Post a Comment