Sunday, May 8, 2016

නරක් වු මෘතශරිරයක් එච් එන් බී බැංකුව පිටුපස නිවසේ තිබියදී සොයාගැනේ

 10:05 PM 5/8/2016
මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ අනියම් සනිපාරක්ෂක කම්කරු දින කිහිපයක් සේවයට නොපැමිනීම හේතුවෙන් ඒ පිළිබද සොයාබැලිම සදහා ඔහු නවාතැන් ගෙන සිටි නගරයේ එච් එන් බී බැංකුව පිටුපස ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ නිල නිවස තුල දැඩි දුර්ඝන්දයක් තිබෙන බවත් නිළධාරන් විසින් මහියංගන පොලිසිය දැනුවත් කිරිම තුල ඒපිළිබද පොලිසිය කල සොයා බැලිමේදී නිවස තුල නරක් වු මෘත ශරිරයක් තිබෙන බව සොයා ගන්නා ලදී.
මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් ස්ථානිය පරික්ෂණය පැවැත් වු අතර පරික්ෂණයේදී මිය ගිය පුද්ගලයාගේ මෘත ශරිරය මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ අනියම් සනිපාරක්ෂක කම්කරු සුභසිංහ යන අයගේ බව ඔහුගේ පුතනුවන් හා කාර්යාල නිළධාරින් විසින් හදුනාගන්නා ලදී. මහේස්ත්‍රාත් නියෝගය පරිදි මෘත ශරිරය මරණ පරික්ෂණය සදහා බදුල්ල මහරෝහල වෙත යොමු කරන ලදී.
මෘත ශරිරය අසල වස බෝතලයක් තිබි පොලිසිය විසින් සොයා ගත් අතර වස පාන කිරිම හේතුවෙන් මෙම මරණය සිදුවන්ට ඇති බවට පොලිසිය සැක ඵල කර සිටි. ලේකම් කාර්යාලයේ සනිපාරක්ෂක කම්කරු පසුගිය සිකුරාදා සිට සේවය සදහා පැමිණ නොමැත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිලධාරිහු පරික්ෂණ පවත්වති.










No comments:

Post a Comment