Friday, May 20, 2016

අභිනව මහියංගන විහාරාධිපති ගෞරව බහුමාණයෙන් පිළිගැනේ

 2016-05-20 පෙ.ව. 1:00
මහියංගන රාජමහා විහාරස්ථානයේ අභිනව විහාරාධිපතිත්වයට පත් පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්කිත නාහිමයන් වෙත ධම්මසිද්ධි ශ්‍රි අත්තදස්සී ධම්මරක්ඛිතාභිධාන ගෞරව නාම සහිතව ඊට අදාල ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අස්ගිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) උදැසන සිදු කෙරුනේ අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසතාගාරයේදීය.
අස්ගිරි විහාර පාර්ශවයේ අති ගරු අනුනායක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේ පිළිගැනීම මහිංයගන රාජමහා විහාරස්ථානයේදී සුදර්ශනි සදහම් මැදුරේදි ඊයේ (19) සවස පැවැත් විනි.
අස්තපත්‍ර ප්‍රධානය විද්‍යාහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලදී
විජිනි පත ප්‍රධානය ඌව පළාත් ආන්ඩුකාර අධිනිතිඥ එම් පී ජයසිංහ මහතා විසින් සිදු කරන ලදී
මහා සංඝරත්නය විශාල පිරිසක් හා ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ හා දේශපාලන නායකයන්, මහිංයගන ප්‍ර දේශවාසින් , ව්‍යාපාරිකයන්, මහියංගන රජමහා විහාරස්ථානයේ ධායක සභවේ විශාල පිරි සක් මෙම පිළිගැනිමේ අවස්ථාව සදහා සහබාගි විය.
























No comments:

Post a Comment