2016-04-30 ප.ව. 1:58
“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක් හා දෙමාපියන් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට 25දින උදැසන 7.00ට සිට ආරම්භ කරනු ලැබු සත්‍යාග්‍රහය පස්වන දිනය ඊයේ (29)ට දිනටත් අඛන්ඩව පැවැතිනි.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා දරුවන් 28ක් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටි.
දරුවන්ගේ දෙමාපියන් පාසැල අසල සත්‍යග්‍රහයේ නිරතවන පොල්අතු මඩුව අසල මහපාරේ දරුවන් සදහා ආහාර පාන පිළියෙල කර දරුවන්ගේ කුසගිනි නිව්වේය. දෙමාපියෙකු ඉදිරිපත් වී දරුවන් හට ගීත ගායන කියාදුන්නේය. අකුරු කියාදුන්නේය.
දහවල් 2.00ට පමණ එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතා පැමිණ දෙමාපියන් හමුවිය .මෙම ගැටලුවය තමන් හට සෘජු පිළිතුරක් ලබා දිමට නොහැකි බවත් ඌව පළාත් මහා අමාත්‍යවරයා අධ්‍යාපන විෂය භාර අමත්‍යවරයා ලෙස විසදුම් දියයුතු බවත් ප්‍රකාශ කල අතර ඒ සම්බන්දයෙන් අවස්ථාවන් දෙකකදී මහා අමාත්‍යවරයා සමග සකච්ඡා කල බවටද මෙම දෙහිගොල්ලේ ප්‍රාථමිකයේ ගැටලුව සම්බන්දයෙන් බදුල්ලේදී විශේෂ සාකච්චාවක් යොදාගෙන ඇති බවට දැන්වීය.මේ වන තුරු වගකිවයුතු දේශපාලන නායකයෙකු අධ්‍යාපන නිළධාරියෙකු දින 5ක් තිස්සේ අඛන්ඩ සත්‍යග්‍රහයේ නිරත දරුවන් හට දෙමාපියන් හට විසදුමක් ලබා දෙන්නට නොපැමිනි බවත් තමන් ඡන්දය ලබාදී දේශපාලන බලය ලබාදුන්නේ ජනාතා ගැටලු විසදීමට නොවේද යන්න ප්‍රශ්න කර සිටියේය. ඌව ප්‍ර දේශයේ සිටින දේශපාලන නායකයන්හට අධ්‍යාපන නිළධාරින් හට දරුවන් නොමැති බවත් දරුවන්ගේ දුක නොපෙනෙන බවත් වැඩි දුරටක් සත්‍යග්‍රහය සදහා සහබාගිව සිටින දෙමාපියෙකු පැවසීය.
උපාලි සේනාරත්න මහතා ඉන් අනතුරුව දෙහිගොල්ල ද්විතික පාසැලේ නිරික්ෂණයකට සහබාගි වී විදුහල් පතිවරයා සමගද සාකච්ඡාකර, නව ප්‍රාථමික පංතියක් ආරම්භ කිරිමට ගොඩනැගිලි පහසුකම් තිබේද යන්න නිරක්ෂණය කලේය. නිරික්ෂණයෙන් අනතුරුව එවැනි කිසිදු ගැටලුවක් පාසැල තුල නොමැති බවත් කිසිදු ගැටලුවකින් තොරව නව පංතියක් ආරම්භ කිරිමට පහසු කම් ඇති බව මධ්‍ය වෙත අදහස් දක්වමින් උපාලි සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය













No comments:
Post a Comment