Sunday, May 15, 2016

අධ්‍යාපන සමූපාකාරයේ මහා සභා නියෝජිතයන් පත් කර ගැනිමේ නිළවරණය - මහියංගණ අධ්‍යාපන කළාපය

2016-05-15 පෙ.ව. 11:28
සීමාසහිත අධ්‍යාපන සේවානියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණයදෙන සමිතිය හෙවත් අධ්‍යාපන සමූපාකාරයේ මහා සභා නියෝජිතයන් 317කු තෝරාපත් කර ගැනීම සඳහාවූ නිළවරණය පසුගිය සෙනසුරාදා දිවයිනේ අධ්‍යාපන කළාප 89කදී පැවැත්වූ අතර මහියංගණ අධ්‍යාපන කළාපයේ මහසභා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම මහියංගණ ජාතික පාසලේදී ඊයේ (14) පැවැත්විණි
ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ මෙහෙයවීමෙන් පැවැති ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 1152කු සුදුසුකම් ලබා සිටියද ඡන්දය භාවිතා කළේ ඡන්දදායකයින් 321කු පමණී
ලංකාගුරුසේවා සංගමය නියෝජනය කරමින් අපේක්ෂකයින් 02කු තරගවැදුනු අතර ගුරු සංගම් 05කින් සමන්විත අපි වෙනුවෙන් අපි නමින් අපේක්ෂකයින් 02කුද තරග වැදුනි. පෙරවරු අටේසිට ලියාපදිංචි කිරීම් නාමයෝජනා භාරගැනීම විරෝධතා අදිය අවසන්වූ පසු පෙරවරු 10.30ට ඡන්ද විමසීම ආරම්භ විය. පස්වරු 4.30ට ඡන්ද විමසීම අවසන් කළ අතර ඡන්ද ගණන් කිරීම ඌව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේනතුවේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් සෝමපාල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිමාවට පත් විය.
ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කළ එච්.ජී.සුමතිපාල මහතා ඡන්ද 235ක් හා ආර්.ඒ.වසන්ත කුමාර මහතා ඡන්ද 224ක් ලබා ගත්හ. අපි වෙනුවෙන් අපි නමින් තරග වැදුනු එච්.එම්.ලොකු බණ්ඩා මහතා ඡන්ද 89ක් හා එම පිළෙන් තරග වැදුනු දීප්ති ප්‍රියන්ත ජයසිංහ මහතා ඡන්ද 80ක්ද වශයෙන් ලබා ගත්හ.එක් ඡන්දයක් ප්‍රතික්ෂෙප විය.
ඒ අනුව මහියංගණ අධ්‍යාපන කළාපය නියෝජනය කරමින් මෙවර මහ සභා නියෝජිතයින් ලෙස ලංකාගුරු සේවා සංගමය නියෝජනය කළ එච්.ජී.සුමතිපාල හා ආර්.ඒ.වසන්ත යන මහත්වරුන් තේරී පත්වන බව සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් වරයා නිවේදනය කළේය.

No comments:

Post a Comment