Saturday, May 14, 2016

දඹානේදී පුතුවිසින් පියා ඝාතනය කෙරේ - මානසික රෝගයකින් සිටි පුතු පොලිස් අත් අඩංගුවට

2016-05-14 ප.ව. 2:45
රාත්‍රියේ හේනේ පැල් රැක නිවසට පැමිනි පුතු විසින් තම පියා කැත්තකින් පහර දී ඝාතනය කිරිමේ සිදු වීමක් අද (14) උදැසන 6.45ට පමණ දඹාන වතුයාය ගම්මානයේ සිදු වී ඇති බව මහියංගන පොලිසිය පවසනවා.
තම පුතුගේ කැති පහරින් මෙලෙස මිය ගොස් ඇත්තේ එච් එම් ගුණතිලක නම් වයස 62ක් වයසැති “ උල්පත නිවස“ දඹාන වතුයාය, දඹාන. යන ලිපිනයේ පදිංචි අයෙකි.
මෙම ඝාතනය සිදු කල පුතු මහියංගනය පොලිසිය විසින් මේවන විට අත් අඩංගුවට ගෙන ඇත. ඔහු දරුවන් 07ක් සිටිනා පව්ලේ තුන්වැන්නාය. අවිවාහකයෙකි.
මව වන ඩි එම් ඥාණවතී (58) මෙසේ පැවසීය. “පුතා වසර කිහිපයක් මානසික ආබාදයකින් පෙලෙනවා. වසර කිහිපයක් ඒ සදහා ප්‍රතිකාර ගත්තා. පහුගිය දවස්වල බෙහෙත්න්ම ගත්තේ නෑ. අද උදේ හේනේ පැල් රකින්ඩ ගිහින් උදේ ගෙදරට ආවා විතරයි. තේ ටිකකුත් බිව්වා. ඉන්පස්සේ මොනවා උනාද කියලා අපි දැක්කේ නෑ. ගෙදර අපි ඔක්කොම එලියේ හිටියේ. සද්දයක් ඇහිට අපි ගෙට දිව්වාම මහත්තයා බිම වැටිලා හිටියා. අද උදේ ගෙදර කිසිම ආරව්ලක් උනේ නෑ“ යැයි පැවසීය.
සිද්දිය පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් විසින් මෙම මිනිමැරුම සම්බන්දයෙන් පරික්ෂණ සිදු කෙරේ.



No comments:

Post a Comment